Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එප්පාවල දරුවෙකුත් ලකුණු 195 ක් අරගෙන ශිෂ්‍යත්ව කඩයිම පනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුව සමත්ව ඇත.
එප්පාවල, ඇඳගල, මීහිදුපුර පදිංචි ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුවා තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මෙවර ශිෂ්‍යත්ව විභාගයට මම මුහුණ දීලා ලකුණු 195 ක් ලබා ගත්තා, මම එදිනෙදා පාසල් වැඩ කටයුතු එදිනෙදාම කළා, ගොඩක් පාඩම් කලෙත් නෑ, සාමාන්‍යය විදිහට පාඩම් කලේ, ක්‍රිඩාත් කළා.විදුලිය කපපු වෙලාවල් වලට මම ටෝච් එකෙන් තමයි පාඩම් කලේ, මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන්න, මට මගේ අම්මා,තාත්තා, ලොකු තාත්තා මට ගොඩක් උපකාර කළා, මට 1 වසරේ සිට 05 වසර දක්වා උගන්වපු ගුරුවරුන් මට මේ ලකුණු ප්‍රමාණය ගන්න උදව් කළා.

සස්විඳු පූජාන පුතුගේ පන්ති භාර ගුරුභවතා වන දමිත් සඳරුවන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
අපේ පාසලට කීර්තියක් ලබා දුන්නා සසිදු පුතා , ලකුණු 195 ක් අරගෙන දක්ෂතා දක්වලා තියෙනවා.ඒක වචන වලින් කියන්න බැරි තරම් සතුටක්.මේ දරුවා හැමදාම පාසල් ආවා, ගුරුවරුන්ට ගරුකරමින්, ඉතා පිළිවෙලට වැඩ කළා.පූජානගේ දෙමාපියන් ඊට මහත් සවියක් වුණා.විභාගය ගැන පීඩනයකින් තොරව ක්‍රීඩාව හා අධ්‍යාපන කටයුතු පිළිවෙලට සිදු කළ දරුවෙක් මේ දරුවා.ප්‍රායෝගික දේ සමඟ මුසු කර ඉගෙන ගන්නවා නම් ශිෂ්‍යත්වය ඉතා පහසුයි.එදිනෙදා වැඩ එදිනෙදා සිදු කිරීම මේ දරුවාගෙන් මම දැක්කා.‍‍

ශිෂ්‍යත්වය කියන්නේ එක කඩයිමක්, හැමෝටම ඒ කඩයිම පසු කරන්න බෑ, ඒක බැරි අය අදක්ෂයෝ නෙමෙයි.ඔවුනුත් දක්ෂයෝ, ඔවුන් අපි නොදකින බොහෝ විශිෂ්ඨ තැන නිර්මාණය කරනවා.ලක්ෂ 04 ක් විභාගයට මුහුණ දෙන කොට 15000 ක් පමණයි සමතුන් වෙන්නේ, සමත් නොවන අයට විවිධ කුසලතා තියෙනවා.ඒ කුසලතා හදුනාගෙන ඒවා සංවර්ධනය කරමින් අනාගතයේ විශිෂ්ඨයින් නිර්මාණය කළ යුතුයි.

මේ විභාගයට මුහුණ දුන් අසීරුම කණ්ඩායම මේ ළමයි. අවුරුදු 02 ක් කොරෝනා ප්‍රශ්නයට මුහුණ දුන්නා, රටේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඉන්ධන අර්බුධය නිසා පාසල් වැහුවා, ඒ කාළයේ දෙමාපියෝ විශාල කැපකිරීම් කළා හැම දෙමාපියෙක්ම වගේ, ගුරුවරුන් වගේම දෙමාපියොත් විශාල කැපකිරීම් කළා.මේ ජයග්‍රහණ සඳහා දරුවෝ, දෙමාපියෝ හා ගුරුවරුන් එක්ව කළ කැපකිරීම් වල ප්‍රථිපලය විදිහටයි මම දකින්නේ යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Scroll to Top