හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජල තටාංගණයේ ජලය සිදී ගොස් ඇති නිසා හැටන් දික්ඔය නගර සභා සීමාවට දිනකට එක් වරක් සීමා කර පානීය ජලය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරී ජානක හේරත් මහතා පැවසීය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය නිසා ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්නා සිංගිමලේ රක්ෂිතයේ ජල මුලාශ්‍ර සිදී යාම නිසා සිංගිමලේ තටාංගණයේ ජලය උපරිම අයුරින් සිදී යාම නිසා ජලය පොම්ප කල නොහැකි බවයි ජානක හේරත් මහතා කියා සිටියේ. දැනට දික්ඔය ඔටරි ප්‍රදේශයෙන් පමණක් ජලය පොම්ප කර ජලය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත්, එසේ ලබා ගන්නා ජලය හැටන් දික්ඔය නගර සභා සීමාවටම බෙදා හැරීමට ප්‍රමාණවත් නොවන බවයි ජල සම්පාදන මණ්ඩලය කියා සිටියේ.
පවත්නා තත්ත්වය පිලිබඳව හැටන් දික්ඔය නගර සභා සීමාවේ ජල පාරිභෝගිකයන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, දිනකට වරක් නිකුත් කරන ජලය එක්රැස් කර ගනිමින් පවතින වියළි කාලගුණය අවසන් වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරී ජානක හේරත් මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ.