වට්ස්ඇප් (WhatsApp) යෙදවුම අද වන විට නමුත් ජංගම දුරකථන භාවිත කරන බොහෝ පුද්ගලයන් අතර අතිශයින් ජනප්‍රිය පණිවිඩ හුවමාරු සඳහා යොදා ගන්නා යෙදවුමක්.
මෙම යෙදවුම පසුගිය වසර කිහිපය තුළ, එය භාවිත කරණ ග්රාහකයන් සඳහා වඩාත් හොඳ නව විශේෂාංග සහ වැඩිදියුණු කිරීම් ගණනාවක් එක් කර තිබෙනවා.
සාමාන්‍යයෙන් වට්ස්ඇප් (WhatsApp) යෙදවුම සිය නව විශේෂාංග කල්තියා ප්‍රකාශ නො කළ ද බොහෝ විට එය ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ ඇපල් (iOS) දුරකතන මත පූර්ව යාවත්කාලීන කිරීම් වශයෙන් පෙන්වනු ලබනවා.
වට්ස්ඇප් (WhatsApp) යෙදවුම හරහා ඉදිරිපත් කෙරෙන මෙම නව විශේෂාංග පහ, මේ වන විටත් සංවර්ධනය වෙමින් පවතින හෝ පරීක්ෂා කර ඇති ඒවා වන අතර ම ඒවා දැනටමත් සියලුම වට්ස්ඇප් (WhatsApp) භාවිත කරන්නන් සඳහා යම් අවස්ථාවක දී දර්ශනය විය යුතු යි.
* පින්තූර සමඟ ඇති අක්ෂර සහ වැකි පිටපත් කිරීමේ හැකියාව.
* ඡායාරූපයක් හෝ වීඩියෝවක් නැවත යොමු කරන විට එයට පණිවිඩයක් හෝ සිරස්තලයක් එක් කිරීමේ හැකියාව.
* Google Drive නොමැතිව Android දුරකථන අතර කතාබස් ගබඩා කිරීමේ හැකියාව.
* හඬ තත්ත්ව යාවත්කාලීන කිරීමේ හැකියාව.
* ප්‍රොක්සියක් හරහා සම්බන්ධ වීමේ හැකියාව.
මෙම නව විශේෂාංගය යාවත්කාලීන කිරීම පිළිබඳව වට්ස්ඇප් (WhatsApp) යෙදවුම සිය බ්ලොග් අඩවියේ පළ කර ඇති අතර, එය දැනටමත් යෙදුමේ නවතම අනුවාදය සමඟ සෑ ම කෙනෙකුට ම ලබා ගත හැකි යි.