පළාත් පාලන මැතිවරණයට අදාළව ඇතැමුන් මේ වන විටත් රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ භාවිත කරන බවට වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන බවයි.
මැතිවරණය ජය ගැනීම සඳහා මුදල් හෝ ආධාර ලබාදෙන කිසිදු අපේක්ෂකයෙකුට මෙන්ම නියෝජිතයෙකුට නොරැවටෙන ලෙස ඡන්ද දායකයින්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා.
මැතිවරණයට අදාළ ඕනෑම පැමිණිල්ලක් පැෆරල් සංවිධානය වෙත යොමු කළ හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
මේ අතර මැතිවරණ සමයේදීද සාමය කඩ නොකර පොලිසියට සහය ලබා දෙන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළා.