විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව ලබන සතියේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 7 න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට යෝජනා කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසා තිබුණි.
එම ඉල්ලීම ඉටුකිරීම දුෂ්කර එකක් බව විදුලි බල මණ්ඩලය මේ වනවිට දන්වා ඇත.
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ(22) අළුයම සිට අක්‍රීයව ඇති බවද වාර්තා වේ.
විදුලිබල මණ්ඩලය සතුව නැප්තා සංචිත නොමැති වීම හේතුවෙන් මෙම බලාගාරයේ කටයුතු මෙසේ නතරවී ඇති අතර මෙගාවොට් 165ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවී පවතී.
නොරච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය රුපියල් බිලියන 55ක මුදලක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය මේ වනවිට දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම මුදල් සොයා ගැනීමට නොහැකි වුවහොත් පැය 06ක විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවටද අනතුරු ඇඟවීම් සිදුකර ඇත.