ජනවාරි 1වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ බදු ව්‍යුහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිළධාරීන්ගේ සංගමයද අප්‍රසාදය පළ කරනවා.
භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා වෙත ලිපි යොමු කරමින් එම සංගමය ඒ බව දැනුම් දී තිබෙනවා. නව බදු ව්‍යුහය සම්බන්ධයෙන් බොහෝ වෘත්තිකයන්ද විරෝධය පළ කරනවා.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නව බදු ව්‍යුහයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වීමටයි මේවනවිටත් තීරණය කර ඇත්තේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛච්‍ය හරිත අලුත්ගේ.