‘අපි ආපු බස් එක ඇක්සිඩන්ට් වුණා. අපේ ළමයි කාටවත් ලොකු තුවාල නෑ. කවුරුත් කෝල් කර කර කලබල වෙන්න එපා. සුලු තුවාල වෙච්ච අය නුවරඑළිය හොස්පිට්ල් එකට ගෙනිච්චා. අපිත් මේ හොස්පිට්ල් එකට යන ගමන්.. අපේ ළමයින්ට ලොකු කරදරයක් නෑ !”
රදැල්ල දුර්ග මාර්ගයේ මෙම බස් රථය පහළට පැමිණෙන විට තිරිංග ක්රියා විරහිත වීම හේතුවෙන් එය පාලනයෙන් ගිලිහී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් සහ ත්රීරෝද රථයක් යට කරගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන මීටර 50ක පමණ දුරක් ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.
මේ දරුණු අනතුර හේතුවෙන් වෑන් රථයේ පැමිණි 7 දෙනෙකු මියගොස් ඇති බව නුවරඑළිය රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා.