ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්,හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් (19) දින දිවා ආහාර පැයේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
දික්ඔය මුලික රෝහලේ දැනට පවතින දැඩි ඖෂධ හිගය , මානව සම්පත් අඩු විම , බදු බර වැඩි විම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණයක සිදු කෙරිණ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර , එම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දැක් වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ දික්ඔය මුලික රෝහලේ සභාපති සහ දික්ඔය මුලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය රොෂාන් සිරිවර්ධන මහතා කියා සිටියේ දික්ඔය මුලික රෝහලේ පවතින දැඩි ඖෂධ හිගය හේතුවෙන් මේ වන විට රෝහලේ අංශ කිහිපයක් වසා දමා ඇති බවයි.
රෝගින්ට ලබාදිය යුතු ඖෂධ වර්ග පෞද්ගලික ඔසුසැල් වලින් මිල දි ගන්නා ගෙන බෙහෙත් වට්ටොරු ලබාදුන්ද එම බෙහෙත් මිල ගැනිමට රෝගින්ට විශාල මුදලක් වැය කිරිමට සිදු වන බවයි.
රටේ දැනට පවතින ඉහල ජිවන වියදම හමුවේ රෝගින්ට එම ඖෂධ මිල දි ගැනිමට නොහැකි බවත්, තම රෝහල පවත්වාගෙන යනු ලබන්නේ අත්‍යවශ්‍ය ඖෂධ සහ මානව සම්පත නොමැති විමෙන් බවයි වෛද්‍ය රොෂාන් සිරිවර්ධන මහතා කියා සිටියේ.
වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ වැටුපෙන් බදු මුදල් අය කිරිම හේතුවෙන් එම පිරිසගේ ජිවන වියදම ඉහල ගොස් ඇති බවත්, පවත්නා තත්ත්වය මත වෛද්‍යවරුන් සහ හෙදියන් විදේශ රැකියා සදහා මේ වන විටත් පිටව ගොස් ඇති නිසා රෝහල් ඉදිරියේදි වසා දැමිමට අවධානමකට ලක් වි ඇති බවයි.
රජයට ලැබෙන බදු මුදල් නිසි කලමණාකාරණයකින් තොරව පාලනය කිරිම හේතුවෙන් රට ආර්ථික වශයෙන් කඩා වැටි ඇති බවත්, එවැනි තත්ත්වයක් මත අලුතින් කැබිනට් අමාත්‍යවරු පත් කිරිමෙන් රටේ ජනතාවගේ ජිවන වියදම තවත් ඉහල යන බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.
තවද රජයේ සේවකයන්ට සහ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්විමට වයස් සිමා පනවා තිබියදි රට පාලනය කරන දේශපාඥයින්ට වයස් සිමා පැනවිම සිදු නොකිරිම තුලින් තවදුරටත් රටේ ආර්ථික කඩා වැටිමේ අවධානමක් පවතින බවයි දික්ඔය මුලික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ශාඛා සභාපති රොෂාන් සිරිවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.
රංජිත්