උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජූනි මාසය අග වන විටදී මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිත බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල් පැවසීය.
මෙම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඳිකර තිබෙන ජල විදුලි බලාගාරයේ මෙගා වොට් 60 බැගින් වූ ටර්බයින් යන්ත්‍ර දෙකක් සවිකර ඇත.
මෙම නව ව්‍යාපෘතිය යටතේ දිනකට රුපියල් මිලියන 100 ක විදුලි ධාරිතාවයක් නිපදවන බව උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක,ඉංජිනේරු ඩී.සී.එස්.ඇලකන්ද පැවසීය. උමා ඔය ව්‍යාපෘතිය බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර,පුහුල්පොල ජලාශයේ සහ ඩයරබා ජලාශයේ ජලය මීටර් 15.6 ක් දිගැති උමගක් දිගේ රැගෙන ගොස් මීටර් 618 ක් උස පීඩන කුළුණක් හරහා ජලය යවා ජල විදුලි බලය නිපදවීමට නියමිතය.