ඉදිරියේදී පැවැත්වෙන නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට එක්වීමට අවස්ථාව ලැබෙනු ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
සනත් ජයසූරිය මහතා සමග පැවති Facebook Live සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියි.
එමෙන්ම දුෂ්මන්ත චමීර ගැනද සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකිවනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.