ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති සහ මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
අධිකරණය හරහා සිදුවන වාරණයක්, අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් සහ මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයක් අනුව ඡන්දය කල් දැමිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ඒ හැර ඡන්දය කල් දැමීමට අන් කිසිදු ක්‍රමයක් නැති බව ඒ මහතා කීය.