දඩයම්කරුවන්ගේ බේරි පලාවිත් තේ වත්තේ සැරිසැරු වැලි මුවෙකු බගවන්තලාව නගරයේ වෙලදසැලක පිටුපස තවාකාලිව ඉදි කර ඇති මඩුවක සිටියදි එම වැලි මුවා බේරා ගැනිමට එම වෙලදසැලේ සේවකයින් පියවර ගෙන ඇත.
බගවන්තලාව ප්රදේශයේ තේ වතු වල සැරිසරන වන සතුන් දඩයම් කිරිම එම ප්රදේශයේ ඇතැම් වතු කම්කරුවන් සිදු කරන අතර, ඒ සදහා පුහුණු කරන ලද සුනඛයින් කිහිපදෙනෙකුද යොදාගනු ලබයි.
එසේ දඩයම්කරුවන් විසින් වැලි මුවෙකු දඩයම් කිරිමට උත්සහ කිරිමේදි එම වැලිමුවා පැනවිත් එම වෙලදසැලේ පිටුපස පිහිටි මඩුවේ වැටි සිටියදි ඒ බව වෙලදසැලේ සේවකයින් දැක වැලි මුවා බේරාගෙන ගොස් සුදුසු පරිසරයකට මුදා හරින ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දි ඇත.
මඩුවේ සිර වි සිටි වැලි මුවා තුවාල සහිතව සිටි බවයි එම වෙලදසැලේ සේවකයින් කියා සිටියේ.
රංජිත්