රට ආර්ථික වශයෙන් වැටි තිබෙන අවස්තාවේ මේ රට තුල මැතිවරණයක් පැවැත් වුව හොත් රටේ ජනතාව කොටස් වශයෙන් බෙදි වෙන්වන බවත්, පවත්නා තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයක් අනවශ්‍ය බව බුද්ධ ශාසන , ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසිය.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඒ බැව් කියා සිටියේ තලවකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු කොවිලේ පැවති ජාතික තෛපොංගල් දින උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටියේ සියළු දෙනා එක් වි කඩා වැටි ඇති රටේ ආර්ථිකය යලිත් ගොඩ ගැනිමට කටයුතු කල යුතු බවයි.
රටේ ආර්ථික යලි යථා තත්ත්වයට පත් විමෙන් අනතුරුව මේ රට තුල මැතිවරණ පැවැත්විය හැකි බවත්, මේ අවස්තාවේ පළාත් පාලන මැතිවරණයක් අවශ්‍යද නැද්ද යන වග ජනතාව තිරණය කල යුතු බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටියේ.
රජය විසින් බදු පැනවිම තුලින් රටේ සමාන්‍ය ජනතාවට බලපැමක් එල්ල වන බවත්, එම ජනතාවට සහන ලබාදෙන අතරම රටේ ආර්ථිකය යලි යථා තත්ත්වයට ගෙන ඒමට කෘෂිකර්මාන්තය , ධිවර , තේ , රබර් , පොල් කර්මාන්ත නංවාලිමට පියවර ගත යුතු බවද අමාත්‍යවරයා පැවසිය.
රටේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට වැටුප් විෂමතාවය ඉවත් කර සැමටම එක සමාන සාධාරණ වැටුපක් ලබාදිමට පියවර ගතයුතු බවත්, තේ ආර්ථිකයට වසර 200 කට ආසන්න කාලයක් විශාල සේවාවක් සිදු කරන වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය සහ යටිතල පහසුකම් නංවාලිමට කිසිදු රජයක් කටයුතු කිරිමට අපොහොසත් වි ඇති බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටිහ.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් එම පක්ෂයෙන් තමන්ට වරෙන්තුවක් නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසිය.
රංජිත්