ලබන පෙබරවාරි මස 4 වනදා පැවැත්වෙන 75 වන නිදහස් සැමරුම දින උත්සවය සහ ඊට සමගාමී වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි විස්සක මුදලක් ඇස්තමේන්තු ගතකර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළා.
මෙවර සැමරුම පැය එකහමාරකට සීමා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර ඔහු සාම්ප්‍රදායිකව ජාතිය ඇමතීම එහි දී සිදුනොකිරීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන් ම, නිදහස් දින සැමරුම ආරම්භයේ දී සිංහල භාෂාවෙනුත්, අවසානයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට නියමිතයි.