Aboutceylon Online

මඤ්ඤොක්කා , බතල සහ කොස් මදුළු මිල ඉහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මඤ්ඤොක්කා , බතල සහ කොස් මදුළු මිල අධික ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්ව ඇත.
එලවළු තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් වල මේ දිනවල මඤ්ඤොක්කා කිලෝවක් රු 200 කටත් , බතල කිලෝවක් රු 160 ටත් , කොස් මදුළු කිලෝවක් රු 200 වැනි මිලකට අලෙවි කරනු ලබයි.

වෙලදපොලේ එලවළු මිල ඉහල යාම හමුවේ මඤ්ඤොක්කා , බතල සහ කොස් වලට ඇති ඉල්ලුම ඉහල යාම හමුවේ , ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා මඤ්ඤොක්කා , බතල සහ කොස් වල මිල ඉහල ගොස් ඇති බවයි එලවළු වෙලදුන් කියා සිටින්නේ.

මඤ්ඤොක්කා , බතල සහ කොස් වල මිල මෙලෙස අධික ලෙස ඉහල ගිය ප්‍රථම අවස්තාව මෙය බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

රංජිත්

Scroll to Top