තබ්බෝව අභය භුමියේ නවිකරණය කරන ලද වැව් පද්ධතිය පරීක්ෂා කිරීමට වනජීවි අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබංඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් 8 දින එක්ව තිබිණි.
අක්කර 21000කින් සමන් විත තබ්බෝව අභය භුමිය පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම වන උද්‍යානය වෙයි.
එය පුත්තලම, වනාතවිල්ලුව හා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලින් මායිම් වී ඇති අතර වන සතුන්ගේ තෝතැන්නක් ව පවතින වන උද්‍යානයකි.
තබ්බෝව අභය භුමියේ පිහිටි සියඹලාගස්වැව, කිරීයවැව, නාම්බකඩවලවැව යන වැව් තුන ඉතිහාසයේ ප්‍රථම වරට නවීකරණය කිරීම සිදුවු බව වනජීවි දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම වැව් පද්ධතිය වන සතුන් වෙනුවෙන් නවිකරණය කර ඇති අතර ඒ සඳහා ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය වී ඇති බව කියයි.
අදාළ වැව්වල වසර පුරා ජලය රැඳී තිබෙන අයුරින් නවීකරණය වීම ද විශේෂත්වයකි.
නවීකරණය කරනු ලැබු වැව් පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා වනජීවි අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබංඩාර මහතා සමඟ පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ, කුරුණෑගල වනජීවි සහකාර අධ්යක්ෂ ශාන්ත විරසිංහ, කරුවලගස්වැව අඩවි භාර නිලධාරි ඩී. රාමසිංහ මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව තිබිණි.
හිරාන් ප්‍රියංකර ජයසිංහ