ඇමරිකාවේ නාසා ආයතනයට අයත් අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 04 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චන්ද්‍රිකාව පෘථුවි කක්ෂයේ සිට කෙමෙන් පහළට පැමිණෙමින් ඇති බවත් එය කඩාවැටීමෙන් අනතුරක් සිදුවිය හැකි ඉඩකඩ ඉතා අවම බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.
කිලෝ ග්‍රෑම් 2450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට එද්දී ගිනිගෙන දැවී කැබලි වනු ඇතැයිද නාසා ආයතනය ප්‍රකාශ කරයි.