සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (05) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කර ගනු ලැබුවා.
නායක දසුන් ශානක පන්දු 22ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුවා. දසුන් ශානක පන්දු 20 කදී රැස් කළ මෙම අර්ධ ශතකය වාර්තා පොත් අතරට එක්වුයේ විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.
මෙයට අමතරව ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52ක් රැස් කරනු ලැබු අතර චරිත් අසලංක ලකුණු 37ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 33ක් රැස් කරනු ලැබුවා.
ලකුණු 207 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඉන්දිය පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 190ක් පමණයි.
අක්ෂා සහ සූර්යකුමාර් හසරංගගේ තෙවැනි ඕවරයේදී ලකුණු 26ක් ලබාගැනීමට සමත්වූ අතර එය හසරංගට එරෙහිව T20 ජාත්‍යන්තර තරගයකදී එක් ඕවරයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි.