ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ට ම පාපන්දු ක්‍රිඩකයා ලෙස සැලකෙන අභාවප්‍රාප්ත පේලේගේ අවසන් කටයුතු ඊයේ (03) සිදු කරන ලදි.
පිළිකාවකින් පීඩා විදි ඔහු සාඕ පාවුලෝ නුවර රෝහලක දී ජිවිතක්ෂයට පත්වන විට 82 හැවිරිදි වියේ පසු වුණා.
පෙරේදා අවමංගල්‍ය උත්සවය ආරම්භ කෙරුණු අතර දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ මඟ දෙපස රැදී සිටිමින් සිය අවසන් ගෞරවය පළකළා.
පේලේගේ දේහය ඔහු පාපන්දු කි්රීඩාවට අත්පොත් තැබූ බ්‍රසීලයේ සැන්ටෝස් ක්‍රිඩා සමාජ ක්‍රීඩාංගනයේ තැම්පත් කර ඒ ආසන්නයේ පිහිටි සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.