පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ විධිවිධාන තවදුරට ත් විධිමත් කරමින් අතරමැදි ශ්‍රේණිවලට පාසල් මාරු කිරීමට අවශ්‍ය කණ්ඩායම් හඳුනා ගෙන සියලු ම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිත ය.
කෙසේ වෙතත්, මෙම නව ක්‍රමවේදය 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අදාළ නොවේ.
දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6-11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් වශයෙන් පවත්වාගෙන යාම ඇතුළු කරුණු කිහිපයකට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය එලෙස හිමි වී ඇත.