දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට කඩිනමින් නව බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබේ.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව දුම්රිය රියැදුරන් 100 ක්, නියමකයින් හා ස්ථානාධිපතිවරුන් බඳවා ගන්නා බවයි.
මීට අමතරව කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3000 ක් ද කඩිනමින් බඳවා ගැනීමට නියමිතය.
ඔවුන් රජයේ රැකියා ලක්ෂයක් සඳහා අඩු ආදායම්ලාභි පවුල්වලින් බඳවා ගත් පිරිසෙන් තෝරා ගන්නා බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මේ අතර සේවකයින් රැසක් විශ්‍රාම ගැනීම හේතුවෙන් පවතින සේවක හිඟයත් සමග ඊයේ (03) දිනයේ ද දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරුණි.