Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු විසඳීමට අවදානය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවක සහ නිලධාරී හිඟය පියවීම සඳහා අවශ්‍ය විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

පසුගිය 31 වනදා දුම්රිය දෙපාර්තමේන්තුවේ 500කට වැඩි පිරිසික් විශ්‍රාම ගැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු පවත්වාගෙන යාමට බාධා මතු වූ අතර, එහි දී දුම්රිය ගමන්වාර සියයකට වැඩි ප්‍රමාණයක් පසුගිය දින 3 තුළ අවලංගු කෙරුණා.

පැවති සේවක හිඟයට විසදුම් ලබා දෙන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රවාහන අමාත්‍යවරයා විසදුම් ලබා දී නොමැති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගිය දා චෝදනා කළේ.

ඒ අනුව, ඉදිරි දින කීපය තුළ පවතින සේවක හිඟයට විසදුම් ලබා නොදුන හොත් ලබන 10 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද එම සංගමය කියා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ පවතින සේවක ගැටලුවට ක්ෂණික විසදුම් ලබාදීමට හැකියාවක් නොමැති බව යි.

මේ අතර, නව දුම්රිය ස්ථානාධිපති වරුන් 44 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණා.

පවතින ආර්ථික තත්වය හමුවේ නව බඳවා ගැනීම් සිදු නො කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණත් නව දුම්රිය ස්ථාන සඳහා පැවති අවශ්‍යතා මත 2018 වර්ෂයේ පැවති තරඟ විභාගයෙන් සමත් වූ පිරිසෙන් 50 දෙනෙකු බඳවා ගැනීමට යි රාජ්‍ය සේවා කොමිසම පසුගිය දා අවසර ලබා දී තිබුණේ.

Scroll to Top