වසර 36 ක කාලයක් ශ්‍රි ලංකා පොලිසියේ විවිධ තනතුරු දරමින් (29) දින ශ්‍රි ලංකා පොලිස් සේවයෙන් විශ්‍රාම ලබා ගන්නා නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පිරිස් මහතාට පොලිස් උත්තමාචාර දැක්විමේ උත්සවයක් (28) දින නුවරඑලිය මහ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.
හැටන් සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශ වල පොලිස් නිලධාරින් විසින් සංවිධානය කර තිබු මෙම උත්තමාචාර උත්සවයේදි නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා විසින් විශ්‍රාම ලබා ගන්නා නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් උත්තමාචාර පෙලපාලිය පවත්වනු ලැබුහ.
මෙම අවස්තාවට නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධ උඩුගමසුරිය , හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් , පොලිස් කොට්ඨාශ දෙකේම පොලිස් නිලධාරින්, නුවරඑලිය ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවල රාජකාරි කරන උසස් නිලධාරින් , නුවරඑලිය මහ නගරසභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා ඇතුළු අරාධිතයන් රැසක් සහභාගි විය.
රංජිත්