අම්බලන්තොට සතිපොළේ බිත්තර රුපියල් 70 බැගින් වූ මිලකට අලෙවි වී තිබෙනවා.
බිත්තර 5 ක් රුපියල් 350ක මුදලකට එහිදී අලෙවි කර තිබෙනවා. බිත්තර තොග වෙළෙඳුන්ගෙන් ලබාගත් මුදලට අනුව බිත්තරයක් රුපියල් 70කට අලෙවි කිරීමට සිදුව ඇති බවයි ඒවා අලෙවි කළ ව්‍යාපාරික කාන්තාව පවසා ඇත්තේ.
රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුද පැවසුවේ පවතින භාණ්ඩ මිල ගණන් සම්බන්ධයෙන් තමන්ද සතුටට පත් නොවන බවයි.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකදී ලොරිරථ මඟින් රුපියල් 55 බැගින් බිත්තර අලෙවි කෙරුණා. කෙසේ වෙතත් අද දිනයේ එම ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 58කට ඉහළ මිල ගණන් යටතේයි.