Aboutceylon Online

පාරිභෝගිකයන්ට රු 55 කට බිත්තර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් යලිත් පාරිභෝගිකයන්ට රු 55 කට බිත්තරක් අලෙවි කරන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.
කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් යලිත් පාරිභෝගිකයන්ට රු 55 කට බිත්තරක් අලෙවි කරන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසිය.
අජිත් ගුණසේකර මහතා ඒ බැව් කියා සිටියේ (29) දින පස්වරුවේ නුවරඑලිය ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අජිත් ගුණසේකර මහතා කියා සිටියේ.
රු 55 ට බිත්තර අලෙවි කිරිම නතර කලේ නැ , අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව බිත්තර ලක්ෂ හතරක් කොළමට ගෙනාවා.
බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර රැස් කරලා ලොරි 20 කින් කොළඹට බිත්තර ගෙනාවා.
පාරිභෝගික ජනතාව මේ වන විට දැඩි ලෙස අසරණ වෙලා තියෙන්නේ , ඒකට විසදුම් සොයන එක තමයි අපේ යුතුකම .
ප්‍රායෝගිකව අපි එකතු වෙලා , සංගම් සියල්ලම සහ කෘෂිකර්ම අමාත්‍යංශය එක්ව තමයි මේ වැඩසටහන පටන්ගත්තේ.
අපි හිතනවා මේ සියල්ලම සහය දෙයි කියලා , මේකෙන් ප්‍රතිලාභ ලබන්නේ පාරිභෝගිකයන්.
අපි කණ්ඩායම් වශයෙන් බෙදිලා එක් රැස් කරන බිත්තර කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හරිනවා.
බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සමාජිකයන් ඔහුන්ගේ ලොරි රථ වලින් විවිධ නගර වලට ගිහින් බිත්තර අලෙවි කරනවා.
සමස්ත ලංකා කුකුල් ව්‍යාරිකයන්ගේ සංගමය වෙලදාමේ යෙදෙන සංගමයක් නෙවෙයි, අපි මිල තිරණය කරන්නේ නැ කිසිවිටෙක.
අපි සියළු සංගම් එකතු වෙලා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේක විසදුම් හෙව්වා.
අපිට දැඩි බිත්තර හිගයක් ආවා පසුගිය කාලයේ බිත්තර ගොවිපොලවල් කඩා වැටිම නිසා.
අගෝස්තු මාසයේ පාලන මිලක් දාපු නිසා ඒක උග්‍ර වුණා, ගොවිපොල හිමියන් මේකෙන් අයින් වුණා , ගොවිපොල නිෂ්පාදන අඩු වුණා 40% කින් විතර .
උත්සව සමයේ විශාල ඉල්ලුමක් තියෙනවා බිත්තර වලට , ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න නැ.
බිත්තර අස්වැන්න වැඩි කාලේට රු 10 – 20 බිත්තර අලෙවි කරන්න බැ , දැන් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැ.
මෙම ව්‍යාපාරයේ යෙදුණ නැති අය , ගොවිපොලවල් වලට ගිහින් වැඩි මිලට තොග වශයෙන් බිත්තර ලබාගෙන අධික මිලකට අලෙවි කරනවා.
තොග වෙලදුන් අධික මිලකට සිල්ලර වෙලෙදුන්ට අලෙවි කරනවා , වැඩි මිලට පාරිභෝගිකයන් මිල දි ගන්නවා උත්සව සමය නිසා.
වෙලෙද අමාත්‍යවරයා සහය දෙයි කියලා හිතනවා , අපි උත්සහ කරන්නේ උසස් නිෂ්පාදනයක් සහන මිලට ලබාදෙන්න.
අපි ළග ඇති බිත්තර ක්‍රම වේදයකට අනුව සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කල යුතුයි.
ඒකට තමයි අපි කටයුතු කලේ , නමුත් සමාජ ජාලා ඔස්සේ කොතරම් විවේචනය කරත් , අපිට ඕනි ප්‍රායෝගික විසදුම් දෙන්න.
අපි වෙලද අමාත්‍යවරයාට කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මෙම සහනය පාරිභෝගිකයන්ට දෙමු. දිලා ජනතාවට සාධාරණය ඉටු කරන්න.
තවද අධයාපන අමාත්‍යංශය සමග තම සංගමය එක් වි අඩු අදායම්ලාභි පවුල් වල පාසල් ළමුන්ට කිරි විදුරුවක් සහ බිත්තර නොමිලේ ලබාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද අජිත් ගුණසේකර මහතා පැවසිය.
මේ අතර නුවරඑලිය සහ හැටන් යන ප්‍රදේශවල දැඩි බිත්තර හිගයක් පවතින අතර , දැනට පවතින බිත්තර රු 60 ක සිල්ලර මිලකට වෙලෙදුන් අලෙවි කරන අතර, ඇතැම් බිත්තර වෙලදසැල් වසා දමා ඇත.

රංජිත්

Scroll to Top