Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රුසියාවේ අලුත්ම සෙල්ලමෙන් ලෝකයම අනතුරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මීට වසර දහස් ගණනකට ඉහතදී මියගිය ක්ෂීරපායින් ගේ සිරුරූ නැවත ගොඩගැනීමට ඇතැම් පර්යේෂකයින් මේවන විට කටයුතු කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී මානව සංහතියට ඉන් ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇති බව විද්‍යාඥයින් අනතුරු අඟවා සිටිනවා.

මීට වසර 10,000කට පමණ ඉහතදී ලොවෙන් තුරන් වූ ක්ෂීරපායි සත්වයින්ගේ සිරුරූ තුළ ඇති බවට සැලකෙන භයානක වෛරස් ප්‍රභේද සොයා රුසියානු පර්යේෂකයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඊසානදීග සයිබීරියාවේ සහ ආක්ටික් ධ්‍රැවයේ අයිස් තට්ටු යට මිහිදන්වී ඇති රයිනෝසිරස්, මැමත් වැනි ක්ෂීරපායි සතුන්ගේ සිරුරූ තුළ ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවති ඉතා භයානක වෛරස් වර්ග පවතින බවයි සැළකෙන්නේ.

කොවිඩ් -19 වෛරසය ඇති කළ වෛරස් කාණ්ඩය මෙන් මෙම ප්‍රාග් ඓතිහාසික වෛරසයන් හේතුවෙන් මානව සංහතියට ඉන් ඇතිවිය හැකි ව්‍යවසනය කෙතෙක් දැයි අනුමාන කළ නොහැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

රුසියානු විද්‍යාඥයින් දිගු කලක් අක්‍රියව පවතින ක්ෂීරපායීන්ට ආසාදනය වූ වෛරස් සෙවීමේ අදහස සම්බන්ධයෙන් ප්‍රංශයේ Aix-Marseille විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන Jean-Michel Claveri විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඔහු සඳහන් කර සිටින්නේ වසර දහස් ගණන් අතීතයට උරුමකම් කියන මෙවැනි වෛරස් වර්ග මිනිසාගේ ප්‍රතිශක්තිකරණයට කිසිදා හමුවී නොමැති වීම නිසා ඉන් ඇතිවිය හැකි ප්‍රථිපලය ඉතා භයානක විය හැකි බවයි.

Scroll to Top