කිලෝවොට් 5ක සූර්යබල ඒකකයක් සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඉන්දීය ණය සහනාධාර යටතේ, මාස තුනක් ඇතුළත එම සූර්යබල ඒකක ලබාදීමට කටයුතු කරන බවය.