දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ, අනුව දිවයින අවට මුහුදු ප්‍රදේශවලට එහි බලපෑම අඩුවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම අද (27) දිනයේ දී උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.