ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සය20 තරගාවලියේ ශූරතාව පිට පිට තෙවැනි වතාවටත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් දිනා ගනියි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවි බොපාරා නොදැවී ලකුණු 47ක් රැස් කළා. පන්දු යැවීමේදී තිසර පෙරේරා, බිනුර ප්‍රනාන්දු, මහේෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී තරඟය ජය ගනු ලැබුවේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීයි.
අවිශ්ක ප්‍රනාන්දු පන්දු 43ක් තුළ ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා. සදීර සමරවික්‍රම ලකුණු 44 යි. පන්දු 27කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.
රහමුල්ලාහ් ගුර්බාස් ලකුණු 36ක් රැස් කළා. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත්තා.
එල්පීඑල් ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් පිලට රුපියල් ලක්ෂ 360ක මුදල් ත්‍යාගයක් පිරිනැමූ අතර, අනුශූරයන් වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බු ස්ටාර්ස් පිලට රුපියල් ලක්ෂ 180ක මුදල් ත්‍යාග පිරිනැමිණි.
මෙවර තරගාවලියේ මූලික වටයේ මුණ ගැසුණු අවස්ථා දෙකේදීම කළම්බු ස්ටාර්ස් පිල, ජැෆ්නා කිංග්ස් වෙතින් පරාජයට පත්ව තිබිණි.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ හමු වූ අවස්ථාවේදී ලකුණු 6කින් හා ආර්. ප්‍රේමදාස පිටියේදී හමු වූ අවස්ථාවේදී කඩුලු 8කින් කළම්බු ස්ටාර්ස් පරාජයට පත්ව ඇති කෙටි ඉතිහාසයට ඊයේ පරාජය ද එක් විය.
මෙවර එල්පීඑල් තරගාවලියේ තරග 10කදී අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 323ක් ලැබූ තරගාවලියේ දක්ෂතම පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු තරගය සියතට ගත් පුරෝගාමියා විය.
කළම්බු ස්ටාර්ස් කඩුලු 5කට ලකුණු 163යි (20)
චරිත් අසලංක 31, දිනේෂ් චන්දිමාල් 49, රවි බොපාරා නොදැවී 47, ඇන්ජලෝ මැතිව්ස් 12, මොහොමඩ් නබී 15 (බිනුර ප්‍රනාන්දු 48/1, තිසර පෙරේරා 16/1, දුනිත් වෙල්ලාලගේ 18/1, මහීෂ් තීක්ෂණ 34/1)
ජැෆ්නා කිංග්ස් කඩුලු 8කට ලකුණු 164යි (19.2)
රහ්මනුල්ලා ගුරුබාස් 36, අවිශ්ක ප්‍රනාන්දු 50, සධීර සමරවික්‍රම 44, ෂොයිබ් මලික් 10, තිසර පෙරේරා 6, බිනුර ප්‍රනාන්දු නොදැවී 4 (කසුන් රාජිත 27/1, මොහොමඩ් නබී 42/1, බෙනී හොවෙල් 17/2, සුරංග ලක්මාල් 23/3)
තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේ අවිශ්ක ප්රනාන්දුයි. සදීර සමරවික්‍රම තරඟාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තා.