එළඹෙන උත්සව සමය වෙනුවෙන් නුවරඑලිය මහ නගර සභා එළි මහන් රංග පිඨයේ ආහාර අලෙවි ප්‍රදර්ශනයක් පැවැත්විමට නුවරඑලිය ඒකාබද්ධ වෙළෙඳ සංගමය කටයුතු කර ඇත.
නුවරඑලිය මහ නගර සභාව , නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , නුවරඑලිය නගරයේ සංචාරක හෝටල් හිමියන් , කුඩා ව්‍යවසායකයින් , නුවරඑලිය ඒකාබද්ධ වෙලද සංගමය සමග එක්ව මෙම ආහාර අලෙවි ප්‍රදර්ශනය (22) දින සිට මේ මස (26) දින දක්වා පැවැත්විමට කටයුතු කර ඇත.
දිනපතා උදැසන 10 සිට රාත්‍රි 10 දක්වා මෙම ආහාර අලෙවි ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, එම ආහාර අලෙවි ප්‍රදර්ශනය තුලින් දේශිය , ඉන්දියානු සහ චින ආහාර පාන නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මිල දි ගැනිමට අවස්තාව සලසා දි ඇත.
එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන දෙස් විදෙස් සංචාරකයන් විසින් වෙන් කරවාගෙන ඇති බවයි නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියා සිටියේ.
හැටන් රංජිත්