Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපේ ගෙවල් නෙමෙයි ගිණි තියන්නේ ඉස්සරහට…ඇමති චාමර කියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇයි අපේ ගෙවල් ගිණි තිබ්බේ පහුගිය කාළයේ ? ඇයි අපේ ගෙවල් වලට ගැහුවේ? දැන් බලාගෙන යන කොට දේශපාලඥයෝ නෙමෙයිනේ හොරු.ඒ නිසා අපේ ගෙවල් නෙමෙයි ගිණි තියන්නේ ඉස්සරහට යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් මහතා ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ අකටයුතුකම් සිදු කරන රාජ්‍යය නිළධාරීන්ට චෝදනා කරමින් පැවසීය.

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (22) එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ වැඩබිම නිරීක්ෂණය සඳහා පැමිණි අතර, පළමුව අමාත්‍යයතුමන් සේවක හමුවක් පැවැත්වීය.එහිදී එම ආයතනයේ වෘත්තීය සමිති ආයතනයේ සිදු වන දූෂණ අක්‍රමිකතා අමාත්‍යයවරයාට පවසා සිටි අතර, ඉන් අනතුරුව ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ අභිනව සභාපතිනිය වන ජී.ඒ.එම් එස්.පී අඹන්වෙල මහත්මියද ආයතනයේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියාය.අනතුරුව රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් මහතා අදහස් දැක්වූ අතර, ඉන් අනතුරුව අමාත්‍යයතුමන් එම ආයතනයේ පොස්පේට් නිධිය හා ආයතනයේ වැඩබිම් වල කටයුතු නිරීක්ෂණය කරනු ලැබීය. එහිදී සේවකයින් සමඟ සාකච්ජා කිරීමටද අමාත්‍යයතුමන් කටයුතු කරන ලැබීය.

එහිදී සේවකයින් අමතමින් අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍යය චාමර සම්පත් මහතා කියා සිටියේ, අපි මේ රටේ දේශපාලනයට බොහෝම අමාරුවෙන් ආපු මිනිහෙක් චාමර සම්පත් කියන්නේ, චාමර සම්පත්ගේ දේශපාලන කථිකාව කියවලා තියෙනවා මේ රටේ මිනිස්සු, චාමර සම්පත් කියන්නේ බොහෝම පොඩි තැනකින් පටන් ගත්ත මිනිහෙක්, මේ රටේ අනෙක් දේශපාලඥයෝ වගේ නෙමෙයි, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදියි , චාමර සම්පත් දසනායකයි දෙන්නම එකයි.එක විදිහට පටන් ගත්ත දෙන්නෙක්, මං ඒක පත්තර වලටත් කියලා තියෙනවා, පාර්ලිමේන්තුවෙත් කියලා තියනවා, අද අපිට ඒවා වෙනුවෙන් සමහර අය මඩ ගහනවා, මඩ ගහපු එවුන්ට මම ඊයේ පෙරේදා එක උත්තරයයි දුන්නේ, වාසගමත් එක්ක නම කියපන් කිව්වා, ඊට පස්සේ කට වහගත්තා.

මෙතන වෘත්තීය සමිති වලින් කියපු සමහර ඒවා අහගෙන ඉද්දී මට නම් ලැජ්ජයි, ඒවාට සම්බන්ධ කෙනෙක් මං වුණා නම් මං නම් හෙට අයින් වෙනවා.මේකේ සමස්ථ සේවකයින්ට තියෙන දේ හතර පස් දෙනෙක් කන්න ලෑස්ති වෙන්න එපා, අයින් වෙන්න, අයින් කරන්න ඉඩ තියන්න එපා.අපි අයින් කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා.මෙතන බෑග් වලින් මිලියන 10 ක විතර පාඩුවක් වෙලා තියෙනවා.මේ ආයතනය ඕඩියකින් දුවන්නේ, මේ ආයතනයේ ස්ථාවර තැන්පතුව මිලියන 500 යි, ඒක ඇපේට තියලා මිලියන 95 ක අරන් තමයි දැන් පඩි ගෙවන්නේ.ඔය ස්ථාවර තැන්පතුවේ පොලියත් 7% ට විතර බැස්සොත් , මේ රටේ ආර්ථික අවපාතය හොඳ තත්වයකට හැදුනොත් බැංකු පොලිය බහිනවා ආයේ 6% – 7% විතර, එහෙම වුණොත් ඔය ස්ථාවර තැන්පතුව උකසට තියලා පඩි ගෙවන්න වෙන්නේ නෑ, ඊට පස්සේ ස්ථාවර තැන්පතුවටත් කෙළවිලා, ආයතනයටත් කෙළවිලා, ඔය මිලියන 595 ත් ඉවර වෙලා තමයි නවතින්නේ.
මං මේ ආයතනයේ සම්පූර්ණ සිද්ධි හොයලා ඉවර වෙලා තමයි මෙතන්ට ආවේ, කොළඹ ඉන්න අය ඉන්නවා, පැයක් අත්සන් කරලා එළියේ වැඩ කියලා ගෙදර යන අය, ඒවා කරන්න බෑ, මට මේ ආයතනයෙන් තේ එකක්වත් එපා, මට රුපියලක දෙයක් එපා.මං රාජ්‍යය ඇමති, ඔයගොල්ලන්ගේ ආයතනයෙන් නෙමෙයිනේ මට පඩි ගෙවන්නේ, මට කොහොමත් අමාත්‍යංශයෙන් තෙල් ටිකේ ඉඳන් හම්බෙනවා.ඒ නිසා මෙතනත් මෙච්චර කල් කරපුවා මට වැඩක් නෑ, මං ඒවා හොයන්න යන්නේ නෑ, ඒවාට ඔඩිට් දාන්න යන්නේ නෑ, මින් ඉදිරියට ඒවා වෙන්න බෑ, මේක මිනිස්සුන්ගේ ආයතනයක්.

සියලු වරප්‍රසාද සමසේ බෙදෙන්න ඕන, ඒ නිසා මගෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා.ඒවාට මං භයත් නෑ.මෙහේ දේශපාලන අධිකාරියත් මගේ හිතවත්තු, හැමෝම මට උදව් කරනවා, මට ආදරෙයි, ඕන දේශපාලඥයෙක් චාමර සම්පත් කිව්වොත් ආදරෙයි, මට ගෞරවයක් තියෙනවා.ඒ නිසා දේශපාලන අධිකාරියෙන් මට ප්‍රශ්න නෑ,මම හැම වෘත්තීය සමිතියටම සලකනවා, සේවකයෝ ඔක්කොම එකයි.මේවා කාගෙවත් බූදල් නෙමෙයි, හරියට වැඩ කරන්න බැරි අය යන්න.පරිපාලනය කරන්න මේක එච්චර දෙයක් නෙමෙයි.අපි මීට වැඩිය පරිපාලනය කරනවා.මගේ නෝනා ඔය ඔක්කොම පාලනය කර ගන්නේ, ඇල්ලේ තියෙන හෝටල් අරවා මේවා.අපි 50-100 ක් දාගෙන නෙමෙයි ඕවා කරන්නේ.මේකට බඳවා ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා, අද ගැසට් කලොත් එන්න ඉන්නවා ඕන තරම්.

ලංකාවේ උලු කර්මාන්ත ශාලා 08 ක් තියෙනවා, 07 ක් වැහිලා, අම්පාරේ එක විතරයි වැඩ කරන්නේ, හැබැයි ඒ ආයතනයට මේ පොස්පේට් එකේ තියෙන හිඟමනය නෑ, ඒ ආයතනය ඕඩි දාලා පඩි ගෙවන්නේ නෑ.අලිමංකඩ මංතායි ලුණු කර්මාන්ත ශාලාව මේ වසරේ ලාභය මිලියන 109 යි, ඒක 20 වැනි සංවත්සරය තියෙනවා, ද්‍රවිඩ මිනිස්සු වැඩ කරන්නේ, මම ඒ සේවකයින්ට රුපියල් 10 000 ගානේ දෙනවා 20 වැනි සංවත්සරය වෙනුවෙන්. කලින් හිටපු සභාපතියා ලෑස්ති වෙලා හිටියේ පාටි දාන්න, මං කිව්වා පාටි දාන්න ඕන නෑ, මිනිස්සුන්ට 10 000 ගානේ දෙමු කියලා.වෝටර්ස් ඒජ් එකේ තමයි පාටි දාන්න ලෑස්ති කරලා තිබ්බේ.මං සභාපතිගෙන් ඇහුවා ඔයාට පිස්සුද කියලා.කෑම එකක්ම 75000 ක් විතර ‍වෙයි. ළුණු හදන මිනිස්සු වෝටර්ස් ඒජ් එකේ ගිහින් කන්න ඕනද? මම කියන්නේ වැරදි තියෙන්න ඇති, දැන්වත් වැරදි හදාගන්න.

මේකේ බඩු ඉල්ලන ඕන මිනිහෙකුට බඩු දෙන්න, මේ ආයතනය විකුණනවාට තමයි නඩුවක් තියෙන්නේ, එප්පාවල පොස්පේට් ආයතනයට එක් දහස් නවසිය අනූ ගනන් වල නඩු තීන්දුවක් තියෙනවා, විදේශ සමාගම් වලට මේ ආයතනය විකුණන්න බෑ කියලා.මේක විකුණන්නේ නෑ, මේක විකුණුවේ නැති වුණාට බඩු විකුණන්න ඕන.මම මේ ඇමතිකම ගත්තාට පස්සේ මුදල් අමාත්‍යංශයට 10 පාරකට වඩා ගිහින් තියෙනවා. මම හිටියේ හැමදාම සේවකයින්ගේ පැත්තේ, මගේ සටන නිසා දැන් චක්‍රලේඛණය ආවා වෛද්‍ය නිවාඩු සඳහා දීමනාව දෙන්න, මගේ සටන නිසා බෝනස් එක ආවා, මම විතරයි ඒ සටනේ හිටියේ, මම සටන් කළා.මේ මාසේ රුපියල් 20 000 ක බෝනස් එකක් දෙනවා ඔයාලට, වෛද්‍ය නිවාඩු සඳහා දෙන දීමනවා මාසෙක එක වැටුපක් දෙන්න චක්‍රලේඛණය හදාගෙන තියෙනවා,ඒකත් දෙනවා.ඊට පස්සේ දෙන ඒවා ගන්න ඒවා ඉදිරියේදී, ආයතනය පිස්සු කෙලින්න බෑ, ආයතනයේ විනයක් තියෙන්න ඕන, වැඩ කෙරෙන්න ඕන, ලාභ පෙන්වන්න, ලබන අවුරුද්දේ මං හිටියත් නැතත් එක්කෙනක් රුපියල් ලක්ෂයක විතර බෝනස් එකක් ගන්න බලාගෙන වැඩ කරන්න, සල්ලි හම්බකලොත් සල්ලි දෙනවා.

බෑග් ටෙන්ඩර් කාරයා මාරු කරන්න, ගන්න පුලුවන් මිනිස්සුන්ගෙන් ගන්න. බෑග් කාරයාගෙන් හොරකම් කරලා, බෑග් නිසා මේ ආයතනය වහලා තියෙනවා කියන්නේ මොකක්ද මේක? විලිලැජ්ජයි.රටේ ටෙලිකොම් එක දෙනවා, මේකයි ටෙලිකොම් එකයි කියන්නේ ලේසීද? මේක පාලනය සේවකයින්ගේ අතේ, මේක ආරක්ෂා කර ගන්න මහන්සි වෙන්න, මේක පළාතේ තියෙන වස්තුවක්, මේක සම්පතක්, දුක් විදින්න, මහන්සි වෙන්න ඕන, නිකං ඉඳලා අපිට පඩි හම්බෙන්නේ නෑ,මාස 06 න් මේක හදන්න, ප්‍රශ්න ටික විසඳන්න.මේක මට ගෙනියන්න නෙමෙයි.මං පළාත් සභාවක් හදපු මිනිහෙක්, පහුගිය කාලේ මහාචාර්යලා, ආචාර්යලා හදපු විදිහ අපි දන්නවානේ, අපිට ප්‍රායෝගිකව, පොළවේ, බිමේ ඉඳන් හොදට වැඩ කරන්න පුලුවන්, ඒ වැඩ කරන්න තමයි අපි ඇවිත් ඉන්නේ.මට කවුරුත් ලොකු නෑ,එක ඡන්දයකින් හිටපු කෙනෙක් ජනාධිපතිව 134 න් හදන්න පුලුවන් අපිට, අනෙක් වැඩ කරන්න අපිට එච්චර දෙයක් නෙමෙයි. අඹ ගහට ගල් ගැහුවේ චාමර කියලා දන්නවානේ.හැමෝටම කියන්නේ වැඩ කරන්න බැරි නම් එහෙ මෙහ තපින්න ලෑස්ති වෙන්න එපා.වංචා කරලා, සී.අයි.ඩී, බ්‍රයිබරී යන්න ලෑස්ති වෙන්න එපා.මං තමයි පැමිණිලි දාන්නේ මගේ ආයතනයේ වංචා වෙනවා.ඒ නිසා ඒක කර ගන්න ලෑස්ති වෙන්න එපා, මාත් එක්ක තරහා වෙන්නත් එපා.

ඇයි අපේ ගෙවල් ගිණි තිබ්බේ පහුගිය කාළයේ, ඇයි අපේ ගෙවල් වලට ගැහුවේ. දැන් බලාගෙන යන කොට දේශපාලඥයෝ නෙමෙයිනේ හොරු.ඒ නිසා අපේ ගෙවල් නෙමෙයි ගිණි තියන්නේ ඉස්සරහට.ඒ නිසා ඒවා කර ගන්න එපා, අද ඉඳලා හැදෙන්න බලන්න.අද ඉඳලා හැදෙන්න බැරි නම් යන්න, අපි අලුතින් මිනිස්සු ගන්නම්.මාත් එක්ක කිසිම කෙනෙක් පෞද්ගලිකව තරහා වෙන්න එපා, ඔයගොල්ල කවුරුත් මට ඡන්දේ දෙන්නේ නෑ නේ, බදුල්ලේ කවුරුවත් ඉන්නවාද මෙතන, කවුරුත් නෑ, මම ඊළඟ සැරේ ඡන්දේ ඉල්ලන්නෙත් බදුල්ලෙන්, මොන මගුලෙන් හරි, ලකුණ මොකක් වුණත්.මට දාන්නේ නෑ කවුරුත් මෙතන ඡන්දේ.

මං වේගවත් කථාවක් මේ කලේ මාධ්‍යත් ඉස්සරහා තියාගෙන, මං මාධ්‍යට හුරුයි ඔයිට වැඩිය, ඇයි අර ගුරුවරියක් දණ ගැස්සුවා කියලා ඒකාලේ කිව්වේ, දණ ගැස්සුවේ නෑ, දණ ගෑවා කියන ඒවාට, ඇත්ත කියන කොට දණ ගාන්න වෙනවා.උසාවි ගියා, අරෙහෙ ගියා මෙහෙ ගියා, එක එක දේශපාලන පක්ෂකාරයෝ අල්ලාගෙන මට කෙලින්න ගියා, අන්තිමේදී එයාම ඇවිල්ල නඩුව අස් කර ගත්තා, වැරදිකාරයා සර් නෙමෙයි කිව්වා, මාව බොරුවට අරන් ගිහින් අන්තිමට උසාවි යන කොට මට කවුරුත් නෑ කිව්වා.ඒ නිසා අපි අපි ගැන තේරුම් අරගෙන වැඩ කරමු.
මගේ ජීවිතය අත්දැකීම් බහුල ජීවිතයක්, ඇල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී, ඇල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, ඌව පළාත් සභාවේ මන්ත්‍රී, ඌව පළාත් සභාවේ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ඌව මහ ඇමති, ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දැන් රාජ්‍යය ඇමති ආයේ මට මොනවද වෙන්න තියෙන්නේ. කැබිනට් ඇමති වුණොත් මට ඇති.එහෙම දේශපාලනයේ ගමන් ඇවිල්ලා තියෙනවාද කවුරුත්, මං ආදර්ශයට අරන් කම්මැලි වෙන්න එපා වැඩ කරන්න.ආයතනය දියුණු කරන්න, තමන්ගේ වැඩේ තමන් කරන්න.උසස් නිළධාරීන්ට මං කියන්නේ දැන්වත් ඇති සේවකයින්ගෙන් අනං-මනං අහගත්තා, දැන් ඔයගොල්ල හැදෙන්න පටන් ගන්න යැයි පැවසීය.
මෙම අවස්ථාවට පොස්පේට් රාජ්‍යය සමාගමේ විධායක නිළධාරීන්, සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Scroll to Top