පරිසරය යනුවෙන් අපි හඳුන්වන්නේ, මිනිසා ජීවත් වන පරිසරයයි. එය ප්‍රධාන වශයෙන් ස්වභාවික හා සංස්කෘතික වශයෙන් අංශ දෙකක් ලෙස වෙන් වේ. ජලය, භූමිය, පස, ගහකොළ, සත්වයන් හා වායුගෝලය ස්වභාවික පරිසරයට අයත් වන අතර, ආගම්, චාරිත්‍ර, වාරිත්‍ර, කලා ශිල්ප, ගති පැවතුම්, ගොඩනැගිලි, කම්හල්, සමාජ සංවිධාන, නව ඉදිකිරීම් සංස්කෘතික පරිසරයට අයත් වනු ඇත.
පැරණි අපේ මුතුන් මිත්තෝ පරිසරය ආරක්ෂා කර ගැනීමට විශාල වෙහෙසක් ගෙන ඇත්තේ, නිරායාසයෙන් ම බව පෙනේ. එහෙත් 1818 දී පැවති කාර්මික විප්ලවයෙන් පසු ලංකාවට පමණක් නොව ලොව පුරාම නව යන්ත්‍ර උපකරණ, වාෂ්ප, ඉන්ධන, ආදි බල ශක්ති ක්‍රියාවන් නිසා ස්වභාවික පරිසරය විශාල වශයෙන් ම වේගයෙන්ම විනාශ වීමට පටන් ගත් බව පෙනේ. එය නවීන පරිසර දූෂණයට හේතුවක් වී තිබේ.
පරිසර විනාශය – මතු පරපුරට උරුම නොකරමු
නමුත් පසුගිය දශක කීපයක් තිස්සේ, මිනිසා පරිසරය ගැන දක්වන උනන්දුව නිසා වායුගෝලය නොයෙක් දුම් පටලයන්ගෙන් වැසී යන බව අවබෝධ කරගැනීමත් සමඟ එය කෘෂි රසායනික, දූෂිත වායු වර්ග, දුහුවිලි ආදියෙන් ශාක සහ සත්ව විශේෂයන්ට විශේෂයෙන්ම මනුෂ්‍ය ජීවිතයට හානිකර බව සොයා ගත්හ. උස් කඳු වලින් ගලා බස්නා භූගත ජලය මුහුදට ගලා යෑමට කලින් දූෂණය වන බවත්, ජනාකීර්ණ නගර තව දුරටත් ව්‍යාප්ත වීමෙන්, පරිසර විනාශය වැඩිවන බවත්, අවබෝධ කර ගනු ලැබීය.
සැබවින්ම පරිසරය ආරක්ෂා කර ගැනීමට මිනිසුන් විසින් ජීවිතයට සරිලන පරිදි සමතුලිතතාවක් පවත්වාගෙන යා යුතුව ඇත. සමතුලිතතාව බිඳ වැටීම තුළ පරිසරය වෙනස් වීම ස්වභාව ධර්මයාගේ මූලික සිද්ධාන්තයක් වේ, අප රටේ වියළි කලාපය තුළ කැලෑ කපා පුළුස්සා විශාල හේන් බිහිකිරීම සහ දකුණු දිග හිරිගල් සහ වැලි ගොඩ දැමීම නිසා සිදුවන පරිසර හානිය අති විශාල ය. මුහුදු ඛාදනය එය අවස්ථාවක් කර ගනී.
පරිසර විනාශය – මතු පරපුරට උරුම නොකරමු
තවද නොවිධිමත් ඇළ මාර්ග ක්‍රම, වගුරු බිම් ගොඩකිරීම්, නව කම්හල් බිහිකිරීම, නගර නිර්මාණය කිරීම සහ නොයෙක් කටයුතු සඳහා මහ පොළවේ කැණීම් නිසා ස්වභාවික පරිසරය විශාල ලෙස පරිහානියට පත්වේ. මෙවැනි බලපෑම් නිසා වාතය, ජලය හා ගොඩබිම විශාල වශයෙන් දූෂණය වීම වැළැක්විය නොහැකිව ඇත.
වාතය දූෂණය වීම
විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වාතයේ දූෂණය වීම ද නතර කළ නොහැක. ඉන්ධන භාවිත කරන වාහන, කම්හල් වලින් පිට වන දුම සමග වායුගෝලයට එක්වන ඊයම් අංශු වැනි දූෂක ද්‍රව්‍ය මගින් වාතය විශාල ලෙස දූෂණය වේ. දියුණු රටවල කෘතිම ලෙස ඔක්සිජන් ලබා ගැනීම සඳහා මහමග ඔක්සිජන් යන්ත්‍ර සවිකර ඇත්තේ ද, එම රටවැසියාට පරිසරය දූෂණය වීම වළක්වා ගැනීම සඳහාය. අධිවේගයෙන් ගමන් ගන්නා ඉතා ඉහළින් ගමන් ගන්නා සුපර් සොනික් ගුවන් යානා, රොකට් යානා ආදියෙන් පිටවන විෂ වායු නිසා ඕසෝන් ස්ථරයට සිදුවන හානිය කියා නිම කළ නොහැකිය. ඕසොන් වායුවෙන් හිරු එළියේ ඇති ජීවයට අහිතකර ඇතැම් කිරණ පොළවට පතිත වීම වළක්වාලන බැවින් ඕසෝන් ස්ථරයට වන හානිය නිසා මනුෂ්‍ය ජීවිතයට තර්ජන එල්ල වී ඇත.
මෙම කරුණු මත ඕසෝන් ආවරණය සිදුරු වීම තුළින් පෘථිවියේ උණුසුම වැඩිවීමට අමතරව පිළිකා වැනි ලෙඩ රෝග ද වැඩි වේ. එය වැළැක්විය හැක්කේ ද වායුගෝලයට එක්වන අහිතකර වායු ප්‍රමාණය අඩු කිරීමෙන් පමණය. තවද න්‍යෂ්ටික අවි නිපදවීම ද, න්‍යෂ්ටික පරීක්ෂණ ආදි කටයුතුවලදී මෙන්ම විශාල ලෙස ඉන්ධන භාවිත වීම නිසා විකිරණ අළු වැටීම නිසා වාතය දූෂණය වීම ද, නතර කළ නොහැකි කරුණකි.
ජලය දූෂිත වීම
රසදිය සංයෝග, අම්ල වර්ග, සායම්, කෘෂි රසායන, තෙල් ආදී ජලයට එක්වීමෙන් ජලය දූෂණය වේ. නාගරික ප්‍රදේශවල ජනතාව කසළ ඉවත් කිරීම තුළින් ජලය අපවිත්‍ර වන අතර බෝහෝ කම්හල් තම අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කර ගැනීම සඳහා ගංගා, ඇළ දොළ, මුහුදු අසලට කසළ මුදාහැරීම හෝ ගොඩගැසීම සිදු කරයි. එම නිසා අතිරේක ඔක්සිජන් ප්‍රමාණයක් ජලය ට ඇද ගනී. මේ මගින් වාතය ද යම් ප්‍රමාණයක් විනාශ වේ. ආහාර ද්‍රව්‍ය ඇසුරුම් ආයතන, කඩදාසි නිෂ්පාදන ආයතන, රසායනික අපද්‍රව්‍ය ආයතන, තෙල් ශෝධනාගාර, සම්පාදනය කිරීමෙන් කම්හල් තුළින් ඉවතලන අපද්‍රව්‍ය ද, ජලය දූෂණය වීමේ තවත් ක්‍රමයක් වේ. ජලයට එක්වන අතිවිශාල රසදිය ප්‍රමාණයන් මනුෂ්‍ය ශරීරයට අහිතකරය. මෙමගින් “මිනිමාටා” නමැති රෝගයක් ගැනද අසන්නට ලැබෙන්නේ ජපානයෙනි. ඛනිජ තෙල් නැව් වලින් තෙල් ප්රවාහනයේදීත්, නැව් සෝදා පවිත්‍ර කිරීමේදීත්, මුහුදු ජලයට තෙල් එකතු වේ. ඒවා වැලි හා රොන් මඩ සමඟ මුහුදේ තැන්පත්වීම නිසා විෂ වායු නිසා ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ.
එමගින් ජලජ ජීවීන් විනාශ වේ. තෙල් මගින් මුහුදු ජලය අපවිත්‍ර වීම නිසා මත්ස්‍යන්ට, බෙල්ලන්ට, මුහුදු පක්ෂින්ට අහිතකර වේ. එම මසුන් බෙල්ලන් ආහාරයට ගන්නා මනුෂ්‍යන්ට ද, එය හිතකර නොවේ. මෙයට අමතරව ගොඩබිම් දූෂණය, ශබ්ද දූෂණය, සංස්කෘතික දූෂණය මනුෂ්‍යාට අහිතකර දූෂණ වේ. බෝග වගා කිරීමේදී යොදනු ලබන රසායනික ද්‍රව්‍ය මගින් ද, නිවාසවල ඉවත දමන පොල් කෝම්බ, ප්ලාස්ටික, හිස් ටින්, පොලිතින් වැනි බඳුන්වලින් ගොඩබිම දූෂණය වේ. පරිසර දූෂණයට මෑතකදී එක් වී ඇති ශබ්ද දූෂණය නූතන ලෝකයේ දියුණුවත් සමග වැඩි වී ඇත. නොනවත්වා දිවෙන දුම්රිය, රථ වාහන, ගුවන් ගමන් මෙයට සාධක වන්නේය. ශබ්දය මනිනු ලබන ඩෙසිල් 50 ශබ්දය ජනතාවට හිතකර නොවේ. ගොරහැඩි ශබ්ද මිනිසාගේ කන් පටල බිහිරි කරවන සුළුය. අද වැඩිපුර පෞද්ගලික බස් රථවල, ත්‍රිරෝද රථවල, භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානවල යන්ත්‍ර වලින් නිකුත් කරන ශබ්ද හිතකර නොවේ. අධික ශබ්දය මිනිසාගේ ස්නායු පද්ධතියට හිතකර නොවන බව සොයා ගෙන ඇත.
සංස්කෘතික දූෂණය යනු සමාජ වාතාවරණය කෙලෙසා දැමීමයි. සංස්කෘතික සාරධර්ම හා සාරධර්ම විනාශ කිරීම තුළින් සංස්කෘතික දූෂණය විශාල ලෙස වැඩිවේ. සංචාරක ව්‍යාපාරය තුළින් රට තුළ වැටී ඇති විෂ මත්පැන්, මත් ද්‍රව්‍ය, මර්ජුවානා, එල්. එන්. ඩී පෙති, මත්කුඩු, අයිස් වැනි මත්ද්‍රව්‍ය මගින් ද සංස්කෘතික දූෂණය සිදු කරයි.
කම්හල් වලින් ඉවත් කරන අපද්‍රව්‍ය යම්කිසි ක්‍රමයකින් පිළිසකර කර මුදාහැරීමෙන් වාතයත්, ජලයත්, ගොඩබිමත් දූෂණය වීම අවම කර ගත හැක. කාර්මික ද්‍රව්‍ය පිරිපහදු කළ නොහැකි නම් එය මැටි හෝ කේන්ද්‍ර වළවල්වලට මුදාහැරීමෙන් ද සිදු කළ හැක. සමහර දියුණු රටවල් අපද්‍රව්‍ය පිරිපහදු කරන ලෙසට නීති සකසා ඇත. ශබ්ද දූෂණය අවම කර ගැනීම සඳහා ශබ්ද නිපදවන යන්ත්‍ර සූත්‍ර වල ශබ්දය අඩු කළ යුතුව ඇත. එමෙන්ම කම්කරුවන්ට ශබ්දය පාලනය කරන උපකරණ ලබා දිය යුතුව ඇත. ඒ සමග සමහර රටවල් ඩෙසිබල් 70 ඉක්මවන ශබ්ද පැතිරවීම තහනම් කර ඇත.
තවද රසායනික ද්‍රව්‍ය වගාවට යෙදීමට ඇති හැකියාව කාබනික පොහොර වෙත ගොවියා යොමු කළ යුතුය. සෑම අවස්ථාවකම ස්වභාවික වෘක්ෂලතා වැස්ම ආරක්ෂා කර ගත යුතුය. ආවරණ බෝග වැවීම, කාණු, ගල් වැටි බැඳීම, දහයියා, කොහුබත්, පිදුරු, ඉරූ ලී කුඩු ආදිය යොදා රසායනික හානිය අවම කර ගත හැක. මෑතකදී පටන් ගෙන ඇති වනාන්තර කපා නිවාස ඉදිකිරීම, පාරවල් ඉදිකිරීම, කම්හල් ඉදිකිරීම, වහාම නතර කළ යුතුව ඇත. වනාන්තර හැකිතාක් දුරට ආරක්ෂා කර ගත යුතු අතර වන ගහනය වැඩි කිරීම ගැන රජයේ අවධානය යොමු කළ යුතුව ඇත. කෙසේ වෙතත් පරිසර විනාශයේ ඇති ප්‍රතිවිපාක ජනතාව වෙතින් දිස්වන තෙක් කවුරු කෙසේ කීවත් පරිසර හානිය අවම කර ගත නොහැකි තත්ත්වයක ඇත. එනිසා පරිසර විනාශය ගැන මෙයට වඩා සැලකිල්ලකින් ජනතාව දැනුවත් කළ යුතුව ඇත. එවිට පරිසර දූෂණය අවම මට්ටමකට ගෙන ඒම අසීරු කටයුත්තක් නොවේ.
පරිසර අධිකාරියේ සහකාර පරිසර නිලධාරි,
සාගර විශ්වවිද්‍යාලයේ බාහිර අංශයේ උපදේශිකා,
නවෝද්‍යා දිලිනි ලියනගේ
සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළේ,
ලුණුගම්වෙහෙර, තලල්ලේ
ප්රඥාරත්න විදානගමාච්චි
divaina