Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නොරොච්චෝලේ මොකද වෙන්නේ?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොරොච්චෝල බලාගාරයේ දැනට පවතින ගල්අඟුරු සංචිතය ජනවාරි මස මුල් සතිය දක්වා පමණක් ප්‍රමාණවත් වන බැවින් ඉන් පසුව නොරොච්චෝල බලාගාරයේ සම්පූර්ණ ජනනය ලබාගැනීම දැඩි ගැටලුවක්ව ඇතැයි එහි උසස් නිලධාරියෙක්  පැවසීය.

විකල්ප ක්‍රියාමාර්ගයකට අවතීරණ නොවූවහොත් ජනවාරි මාසයේ සිට විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව තවත් වැඩි කිරීමේ අවදානමක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා මාස හයකට පසු මුදල් ලබාගැනීමට එකඟ වී සිටි රුසියානු සමාගම ඉවත්වීම නිසා ගල්අඟුරු ලබාගැනීමේ අර්බුදය උග්‍ර වූ බව ද එම නිලධාරියා කීය. රුසියානු සමාගමට වඩා අඩු මුදලකට ගල්අඟුරු සපයාගත හැකි බවට ඇතැම් දේශපාලනඥයන් ඇතුළු කිහිපදෙනකු චෝදනා කිරීම නිසා එම රුසියානු සමාගම අඩු මිලට ගල්අඟුරු ලබාගන්නා ලෙස දැනුම් දී ගල්අඟුරු සැපයීමෙන් ඉවත් වූ බව ද එම නිලධාරියා කීය. චෝදනා කළ කිසිවකු අඩු මිලට ගල්අඟුරු ලබාදීමට මෙතෙක් ඉදිරිපත් වී නැතැයි ද හෙතෙම කියා සිටියේය.

Scroll to Top