කිසිදු මැතිවරණයක් පැවැත්වීමට රජය සුදානම් නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.
ළගදි කිසිදු මැතිවරණයක් පැවැත්විමට රජය සුදානම් නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතා පැවසිය.
එස්.අරවින්ද කුමාර් මහතා කියා සිටියේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාසලන වන සියළුම පාසල් වල පවතින ගැටළු සම්බන්ධයෙන් ඒවාට විසදුම් සෙවිම සදහා විදුහල් වල විදුහල්පතිවරුන් සමග (19) දින හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේදි පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.අරවින්ද කුමාර් මහතා කියා සිටියේ රට ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිහත් වි සිටින අවස්තාවක විශාල මුදලක් වැය කර මැතිවරණ පැවැත්විම සුදුසු නොමැති බවයි.
තමන් දන්නා පරිදි කිසිදු මැතිවරණයක් ළගදි පවත්වන්නේ නොමැති බවත්, ඒ සදහා රජයේ කිසිදු පාර්ශවයක් සුදානම් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
බලයට පත් වු කිසිදු රජයක් වතු කම්කරුවන්ට පොරොන්දු වු දේවල් මෙතෙක් ඉටු කර නොමැති බවත්, පැවති සෑම රජයක්ම වතු කම්කරුවන්ට කුඩම්මාගේ සැලකිලි දැක් වු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
දිවයින පුරා පාසල් රැසක අධ්‍යාපනය ලබන පාසල් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බවත්, එය මැඩ පැවැත්විම සදහා තම අමාත්‍යංශය මගින් සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට බලය ලබා දි ඇති බවත් , ඒ සදහා පොලිසියේ සහයෝගය ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දි ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
වතු කම්කරුවන් අර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිහත් වි සිටින නිසා රට තුල දැනට පවතින ආර්ථික අර්බුධයත් සමග වතු කම්කරුවන්ගේ දරුවන් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙලෙන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, එම තත්ත්වයෙන් ළමුන් මුදා ගැනිමට වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහල දමා ජිවන වියදම අඩු කල යුතු බවත්, පවත්නා තත්ත්වය මත වතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් පැවසිය.
රංජිත්