Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දේශපාලන ඩීල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක එක දේශපාලන කල්ලි වල එක එක දේශපාලන ජාවාරම් යනවා.වසන්ත මුදලිගේ දරුවා තවමත් බන්ධනාගාර ගත වෙලා ඉන්නේ රාජපක්ෂලාගේ උවමනාවකටවත්, රනිල් වික්‍රමසිංහගේ වුමනාවකටවත් නෙමෙයි,එක් දේශපාලන සංවිධානයක්, ජනාධිපතිතුමා එක්ක ඩීල් එකක් දාලා කියලා තියෙනවා, වසන්ත මුදලිගේ ඇතුලේ ඉන්න කල් අපි මහ පාරට බහින්නේ නෑ, ජනතාව මහ පාරට බස්සන්නේ නෑ,ඒ ඩීල් එක් ප්‍රථිපලය සහ ඒ සංවිධානය කවුද කියලා හොඳට බලාගන්න පුලුවන් ජනතාවට තුන් වැනි ඇහෙන් අද දේශපාලන පිටිය දිහා බැලුවාම යැයි බුද්ධිම අරගලය සිවිල් සංවිධානයේ නායක චන්දන ප්‍රේමසිංහ මහතා පැවසීය.

අනුරාධපුරයේදී බුද්ධිමය අරගලය සිවිල් සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ චන්දන ප්‍රේමසිංහ මහතා,

අපි අද මේ රටේ දේශපාලන පක්ෂවලට දේශපාලන නායකයින්ට.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවසාන සිහි කැඳවීම කරනවා.අපි කියනවා මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට දේශපාලන නායකයින්ට පාර්ලිමේන්තු ම මන්ත්‍රීවරුන්ට, වහාම මේ සඳහා අවධානය යොමු කරන්න කියලා.මොකද?මේ රටේ ජනතාවට අද අපි ඇස් දෙකෙන්ම බලාගන්න ඉඩ දෙනවා මේ රටේ දේශපාලන පක්ෂ වල සැබෑ තත්වය මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ තත්වය ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්.

ෆේස්බුක් එකේ නාඩගම් නටන අනුර කුමාර දිසානායක ලගෙ, දේශපාලනය මොකක්ද කියලා මේ රටේ ජනතාව ඇස් දෙකෙන් බලාගන්න සූදානම් වෙන්න කියලා අපි කියනවා, ගම් මට්ටම බිම් මට්ටම කියකියා තම්මැට්ටම් ගගහා යන සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයේ නිරුවත ඇස් දෙකෙන් බලා ගන්න මේ රටේ ජනතාවට අපි ඇස් දෙකෙන් බලා ගන්න අවස්ථාව ලබා දෙනවා, ඒ වගේම හැට නව ලක්ෂයක් ගැන පාරම්බාන රාජපක්ෂලාගේ දේශපාලනය ඇත්ත ඇති සැටියෙන් දකින්නට මේ රටේ ජනතාව සූදානම් වෙන්න කියලා අපි බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා.ඒ වගේම මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයෙක් විදිහට තවත් මේ රටට අවශ්‍යයද? කියලා මේ රටේ ජනතාවට ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්.

ඒ වගේම විමල් වීරවංශ, ගම්මන්පිල මැක්කන්ගේ කිනිතුල්ලන්ගේ පරපෝෂිත රටාව මේ රටේ ජනතාවට තවත් අවශ්‍යයද? කියලා තීරණය කරන දවස අද. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාවට අවශ්‍යයිද? කියලා ජනතාවට ඇස් දෙකෙන් බලලා තීරණය කරන්න පුළුවන් අද, අද අපි මේ රටේ දේශපාලන පක්ෂ වලට ගිනි තියෙනවා පුලුවන්නම් ඒ ගින්න නිවා ගන්න මහත්තයෝ.මොකද? මේ අපි කියන්නෙ මේ රටේ සැබෑ දේශපාලන යථාර්ථයයි.ඒ වගේම අපි කියනවා දේශපාලන පක්ෂ ආගම් බවට හරවාගෙන දේශපාලන පක්ෂ නායකයන්ගේ සපත්තු ලෙවකන ටකරමට, බත්මුලට, උදළු තලයට මේ රට තමා උපන් මවුබිම පාවා දෙන බත් බැලයන්ට, උඹලා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ සැබෑ නිරුවත ඇස් දෙකෙන්ම බලාගන්න සූදානම් වෙයල්ලා සූදානම් වෙයල්ලා කියලා අපි කියනවා.

ඒ ජනතාවගෙන් භාගෙකට කන්ඩ නෑ දරුවා මන්ද මන්දපෝෂණයෙන්.මේ වගේ අවස්ථාවක මේ රටේ දේශපාලන පක්ෂ නායකයෝ.මේ රටේ පාර්ලිමේන්තුව මන්ත්රීවරු කොයි තරම් මේ රටේ ජනතාවට උදව් කළ යුතුද? නමුත් මේ රටේ දේශපාලන පක්ෂ මොනවද කරන්නේ? ජනතාවගෙන් භාගයකට කන්ඩ නැතුව ඉද්දී දරුවෝ මන්ද මන්දපෝෂණයට ලක් වෙද්දී ජනතා ඡන්ද මංකොල්ල කන්න, ජනතාව රවට්ටන්නට මැතිවරණ වේදිකාවලට ඡන්ද රැස්වීම්වලට දවසකට කෝටි ගණන් මුදල් වියදම් කරනවා. අපි කියනවා මේක වහාම නවත්තපල්ලා, උඹල ා සැබෑ ප්‍රජාත්‍රන්තවාදී, ජනතාවාදී දේශපාලන ප්‍රවාහයකට වරෙල්ලා.ඒ වගේම අපි වගකීමෙන් කියනවා මේ රට විනාශ කරන්න මේ රට හාමතේ තියෙන.ලේ කූඩැල්ලො වගේ ජනතාවගේ රීරී මාංශය උරා බොන, මේ ජනතාව රවටන, මේ දේශපාලන මෝඩ රිලව්, පන්නා දැමීමේ මෙහෙයුම අපි අද ආරම්භ කරනවා.මේ මෙහෙයුම් අපි අද ආරම්භ කරනවා.

අනුර කුමාර දිසානායක මහත්තයා අපේ ෆේස්බුක් වීරයා, ඔබතුමාගේ කෑගහන්නේ මොකටද? මේ රටේ ජනතාවට සේවය කරනවා . මේ රට ගොඩනගන්න ඕන. හරි අපි අද දෙන අවස්ථාව ඔබතුමාට. ඒ වගේම තම්මැට්ටම ගගහා යනවා, ගම් මට්ටම බිම් මට්ටම කිය කිය සජිත් මහත්තයා , සජිත් මහත්තයෝ ඔයාගේ දේශපාලන නිරුවත අද මේ  ජනතාවට ඇස් දෙකෙන්  බලාගන්න ඔප්පු වෙනවා. ඒ වගේම රාජපක්ෂ මහත්වරුන්ගේ දේශපාලනයේ නිරුවත බලාගන්ඩ අද පුළුවන් වෙනවා.ඒ වගේම විමල් වීරවංශලාගේ උදය ගම්මන්පිලගේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිරුවත අද බලාගන්න පුළුවන් වෙනවා මහත්තයෝ.මෙන්න ඇත්ත තත්වය.

මේ රටේ ජනතාව හැමදාම රැවටුනා.මේ රටේ දේශපාලකයෝ බොරු පොරොන්දු දුන්නා ප්‍රථිපත්ති ප්‍රකාශන ගෙනල්ලා සිහින මාලිගා පෙන්නුවා,හැබැයි බලය ගත්තාට පස්සේ ඒ සිහින මාලිගා කුඩුපට්ටම් වෙලා ජනතාව අන්ත අසරණ වුණා. තවත් මේ දේශපාලන ජාවාරම කරන්න අපි තමුන්නාන්සේලාට ඉඩ දෙන්නේ නෑ.අපි කියනවා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට ඒ වගේම අපි කියනවා මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, උඹලා ඇත්තටම මේ රටට ආදරේ නම්, උඹලා ඇත්තටම මේ රටේ ජනතාවට ආදරේ නම්, අපි ගේනවා.වගන්තියක්, ප්‍රකාශයක් මේක පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ඉදිරිපත් කරපල්ලා.සම්මත කරන්න අත උස්සන්නේ නැති කට්ටිය ගැන අපි බලාගන්නම් . මේ රටේ ජනතාව බලා ගන්නම් එතකොට.මේක පනතක් විදියට පාර්ලිමේන්තුවට ගෙනල්ලා නීතියක් විදිහට පත් කරන්න ඕන. එහෙම නැතුව තවත් කයිවාරු දේශපාලනයට, වංචාකාර දේශපාලනයට, පාදඩ දේශපාලනයට, ජාවාරම්කාර දේශපාලනයට අපි ඉඩ දෙන්නේ නෑ, අපි උඹලගේ ඇත්ත මේ රටේ ජනතාවට කෑ ගහලා කියනවා.

මේ රටේ ජනතාවනි, ඇස් දෙකෙන් බලාගන්න සූදානම් වෙන්න මේ රටේ දේශපාලන පක්ෂ මේ රටේ ජනතාවට ඇත්තටම ආදරෙයිද, එහෙම නැත්නම් මුන්නැහෙලා කරගෙන යන්නේ තවත් එක දේශපාලන ජාවාරමක්ද කියලා. මෙන්න ප්‍රකාශය මේක පනතක් විදියට ගෙනල්ලා නීතියක් විදියට ස්ථාපිත කරලා බලාත්මක කරන්න මහත්තයෝ.කොන්ද පණ තියෙනව නම් , ඔයාලට ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවා නම්.මෙරටේ දේශපාලන නායකයෝ වහාම ක්‍රියාත්මක විය යුතුයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිික සමාජවාදී ජනරජයේ ඕනෑම මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන සියලුම දේශපාලන පක්ෂ සහ ඡන්ද අපේක්ෂකයින් විසින් සිදුකරන සියලුම වාචික ප්‍රකාශන, ලිඛිත ප්‍රකාශ, ප්‍රථිපත්ති ප්‍රකාශන, පොරොන්දු ප්‍රකාශ නෛතික ප්‍රකාශ බවට පත් වේ.

අදාළ ලිඛිත ප්‍රකාශ, ප්‍රථිපත්ති ප්‍රකාශ, වාචික ප්‍රකාශ, ආණ්ඩු බලයට තේරී පත්වන දේශපාලන පක්ෂය, ආණ්ඩු බලයට පත් පත්වන දේශපාලන පක්ෂයට සහය දෙන සියලුම දේශපාලන පක්ෂ සහ ආණ්ඩුව නියෝජනය කරන ඡන්ද ජයග්‍රහණය කළ මහජන නියෝජිතයින් ජනතාවට ඉටු කිරීමට නීතිමය වගකීමෙන් බැඳී සිටිති. අදාළ ලිඛිත, වාචික, ප්‍රථිපත්ති ප්‍රකාශ, පොරොන්දු ඉටු නොකිරීම මහජන විශ්වාසය කඩ කිරීමේ වරද සිදු කර ඇත.ඒ බව ගරු අධිකරණය මගින් තීරණය කළ විට දේශපාලන පක්ෂයක නම් පක්ෂ නායකයා සහ ලේකම්වරයා.මැතිවරණ අපේක්ෂකයෙකු ඡන්ද ජයග්‍රහණය කර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විට, අදාල මහජන නියෝජිතයා,රුපියල් ලක්ෂ 50 ක දඩයකට හෝ වසර දෙකක සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් කළ හැකිය.

ජනතාව දස දෙනෙකුට වැඩි ගණනක කණ්ඩායමකින් පැමිණිලි සිදුකළ හැක.
මේ රටට බොරු කියන්නේ නැත්නම් ජනතාවට මේ රටේ ජනතාවට වංචා කරන්න නැත්තං.මේක නීතියක් විදියට ස්ථාපිත කරන්න කිසිම ගැටලුවක් නෑ.එතකොට මේක ඉදිරිපත් කරන්න අකමැති වෙන්නේ අඳ ගොළු බිහිරි ප්‍රථිපත්ති අරන් යන්නෙ කවුද?මේ රටට වංචා කරන,දේශපාලන ජාවාරම් කාරයෝ විතරයි. එහෙම නම් මේ රටේ ජනතාව දැන් අවදි වෙලා ඇස් දෙකෙන්ම බලාගෙන ඉන්නවා, කන් දෙකෙන් අහගෙන ඉන්නවා.මේ සඳහා මේ රටේ මහා පම්පෝරි කියන කටින් රට ගොඩ ගොඩනඟන පාඨමාලා අරන් යන, දේශපාලන මහත්වරු මේ සඳහා දක්වන ප්‍රථිචාරය කුමක්ද කියලා.

එහෙමනම් මහත්වරුනේ.අපි දෙනවා දින 7ක් .මේ දින 7 ඇතුළත, තමුන්නාන්සේලාගේ ප්‍රථිචාරය වාහාම එළිදැක්විය යුතුයි. ඒක තමුන්නාන්සේලාගේ යුතුකම සහ වගකීම.එහෙම කරන්නෙ නැත්නම් , කරුණාකරලා මේ දේශපාලනයෙන්, දේශපාලන ජාවාරමෙන් මේ රටේ ජනතාව තවත් රවට්ටන්නේ නැතුව, කරුණාකරලා මේ දේශපාලන වේදිකාවෙන් බැහැලා යන්ඩ, ගිහිල්ලා රස්සාවක් හොයාගෙන තමන්ගේ අඹුදරුවෝ නඩත්තු කරන්න, තවත් මේ රටේ අහිංසක මහජනතාව රවට්ටන්න උත්සාහ කරන්න එපා.ඒ වගේ අපි කියනවා මේ සඳහා කිසිම දේශපාලන පක්ෂ නායකයෙක් ඉදිරිපත් වුණේ නැත්නම් අපි මේ රටේ සාමාන්‍යය ජනතාව උගත් බුද්ධිමත් ජනතාව බුද්ධිමය අරගලයට ගෙනල්ලා, මේ රටේ පාලන තන්ත්‍රයට, දේශපාලන ප්‍රවාහයට ඉදිරිපත් කරන්න අපි සූදානම් කියලා.මොකද?මේ රටක් ගොඩනගන නිවැරදි සැලසුමක් නිර්මාණය කරපු අපිට මේ රටේ.ජනාධිපතිවරයෙක් පත් කරන එක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරන එක මහ ලොකු දෙයක් කියලා හිතන්න එපා.මේ බුද්ධිමය අරගලය කියන්නෙ ඔයාල හිතුවද මේ සාමාන්‍ය ජනතා එකමුතුවක් කියලා, නෑ, තිරෙන් පිටිපස්සේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රභල චරිත ඉන්නවා .

ඒකයි අපි භය නැතුව තමුන්නාන්සේලාට අභියෝග කරන්නේ, පුළුවන්නම් අභියෝග බාරගන්න, අභියෝග බාර ගන්න බැරිනම් දේශපාලන මහත්වරුනි මේ පනත ගේන්න බැරි නම් අපි සලකන්නේ ඔයාලා නිකං අනුර කුමාරලා, සජිත් ප්‍රේමදාසලා, රාජපක්ෂලා, විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා ඇතුළු ඔය සියලුම නායකයෝ චීත්ත ගවුම් අඳින කට්ටිය කියලා. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඔබේ ප්‍රථිචාරය මොකක්ද කියලා, දින 07 ක් ඇතුළත ප්‍රතිචාර දැක්වූයේ නැත්නම් ඊළඟ දවසේ එක එක දේශපාලන පක්ෂයේ රෙදි ගලවනවා, සියලු දේශපාලන පක්ෂ වල පතරංග ජාතකය තොරණේ විස්තරයත් එක්ක කොටුවෙන් කොටුව විස්තර කරන්න අපි ලඟ විස්තර තියෙනවා.

අනුර කුමාර දිසානායක මහත්තයෝ ඔයා කියනවානේ ඔයා වංචා කලේ නෑ කියලා, ඔයා කරපු වංචා අපිට එළිකරන්න පුලුවන් සාක්ෂි එක්ක, ලිඛිත සාක්ෂි, පුද්ගල පාපොච්චාරණ සාක්ෂි ඔක්කොම අපි ලඟ තියෙනවා, අපි ලෑස්තිය ඔයාගේ ජාතකෙත් එළිකරන්න.ඊට ඉස්සරලා අපි ඔයාට කියනවා, මේ පනත සම්මත කරන්න කැමති නැත්නම් කරුණාකරලා ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජන බලවේගයේ, හතර දෙනාගේ කල්ලියේ වත්කම් බැරකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජන බලවේගයේ වත්කම් වහාම හෙලි කරන්න.එතකොට අපිට ඉතාම පහසුයි තමුන්නාන්සේලාගේ වංචා අපිට හෙළිකරන්න.

අපි ඉතා වගකීමෙන් කියනවා, අපි ඩොලර් කාක්කෝ නෙමෙයි, අපි පිටිපස්සේ ඉන්නේ මේ රටේ ප්‍රභූ පුද්ගලයෝ, විශ්ව විද්‍යාල මහාචාර්යවරු, ඒ අය දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වෙයි කියලා තමයි මේ තිරය ඉස්සරහට එන්නේ නැත්තේ, මේ බුද්ධිමය අරගලයේ සටන කෙළවර, මේ රටට යහපත් දේශපාලඥයෙක්, මේ රටේ ජනතාවට යහපත් ජන සමාජයක්, හොඳ ජීවන තත්වයක් උරුමකර දීමයි.අපි මේ සඳහා වැය කරන්නේ අපේ පෞද්ගලික මුදල්.මේ රට ගැන කැක්කුමක් තියෙන නිසයි මේ කැපකිරීම් කරන්නේ.

බුද්ධිමය අරගලය කියන්නේ ප්‍රචන්ඩත්වයෙන් තොර සාමකාමී, මේ රටේ මේ ආර්ථික හා සමාජ අර්බුධය විසඳාගත හැක්කේ බුද්ධිමය මතවාදී අරගලයකින් පමරණයි.අපි ලඟ ප්‍රචන්ඩත්වය නෑ, එක එක දේශපාලන කණ්ඩායම් විවිධ මතවාද මේ රටේ අහිංසක තරුණ පරපුරේ ඔලු වලට ඇතුල් කරනවා.ඒ ගැන අපිට වගකීමක් ගන්න බෑ,නමුත් ඒ දෙමව්පියන් හා වගකිව යුතු ආයතන ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි.එක එක දේශපාලන කල්ලි වල එක එක දේශපාලන ජාවාරම් යනවා.වසන්ත මුදලිගේ දරුවා තවමත් බන්ධනාගාර ගත වෙලා ඉන්නේ රාජපක්ෂලාගේ උවමනාවකටවත්, රනිල් වික්‍රමසිංහගේ වුමනාවකටවත් නෙමෙයි,එක් දේශපාලන සංවිධානයක්, ජනාධිපතිතුමා එක්ක ඩීල් එකක් දාලා කියලා තියෙනවා, වසන්ත මුදලිගේ ඇතුලේ ඉන්න කල් අපි මහ පාරට බහින්නේ නෑ, ජනතාව මහ පාරට බස්සන්නේ නෑ,ඒ ඩීල් එක් ප්‍රථිපලය සහ ඒ සංවිධානය කවුද කියලා හොඳට බලාගන්න පුලුවන් ජනතාවට තුන් වැනි ඇහෙන් අද දේශපාලන පිටිය දිහා බැලුවාම යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Scroll to Top