Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනිමට රාජ්‍ය අංශයේ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය දිස්ත්‍රික්කයේ නගර බද සහ වතු ආශ්‍රිත ඇතැම් පාසල් වල මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වි සිටින පාසල් ළමුන් ඉන් මුදා ගැනිමේ වැඩසටහනක් කොටගල වෙලද සංගමය විසින් ආරම්භ කල බව එම සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා මහතා පැවසිය.

කොටගල නගරය ඇතුළු අවට වතු පාසල් ගණනාවකම පාසල් ළමුන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට එම විදුහල්වල විදුහල්පතිවරුන් විසින් දිඹුල පතන පොලිසිය සහ වෙලද සංගමය වෙත කල දැනුම් දිමක් මත එම ළමුන් උවදුරෙන් මුදා ගැනිම සදහා කණ්ඩායමක් පත් කර එම කණ්ඩායමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදිම සිදු කෙරිණ.

නුවරඑලිය දිස්ත්‍රික් අන්තරාදායක ඖෂධ පාලක එස්.එස්.ඩබ්ලිව්.විජේරත්න මහතා විසින් පොලිස් නිලධාරින් , මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , විදුහල්පතිවරුන් , ගුරුවරුන් සහ සිවිල් සංවිධාන සමාජිකයන් කැදවා මෙම දැනුවත් කිරිමේ වැඩසටහන පැවැත් වු අතර , එම වැඩසටහනේදි පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය ඉතා රහසිගතව අලෙවි කරන ස්ථාන හදුනාගෙන එම ස්ථාන නිතියේ රැහැනට හසු කර ගැනිමත් , මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වි සිටින සිසුන් පිලිබදව දැඩි විමසිල්ලෙන් සිටිම අනිවාර්යෙන්ම සිදු කල යුතු බවයි ඖෂධ පාලකවරයා කියා සිටියේ.

පාසල තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සම්පුර්ණයෙන්ම නතර කිරිම එම පාසල භාර විදුහල්පතිවරුන් සහ අචාර්ය මණ්ඩලය දෙමව්පියන්ගේ සහය ඇතිව පියවර ගත යුතු බවද ඖෂධ පාලකවරයා පැවසිය.

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සහ මත්ද්‍රව්‍ය භාවිතට හුරු වි සිටින තරුණයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන අය පිලිබදව තොරතුර වෙතොත් ඒ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය වෙත හෝ රජයේ ඖෂධ පාලකවරයා දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස එස්.එස්.ඩබ්ලිව්.විජේරත්න මහතා ඉල්ලා සිටිහ.

රංජිත්

Scroll to Top