අසිරිමත් නත්තල උදාවීමට තවත් ඇත්තේ දින කිහිපයකි. එම උත්කර්ෂවත් දිනය සමරන්නට ලොව කිතුණුවන් සූදානම් වෙද්දී ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් විසිතුරු නත්තල් සැරසිලි නිර්මාණය කරන අපූර්වතමයකු හමු වන්නේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයෙනි. ඔහු විද්‍යුත් නාලිකා කිහිපයක මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කරන ටයිටස් තිසේරා සන්දනායක මහතායි.
ඉවතලන බෝතල් උපයෝගී කර ගනිමින් මෙම නිර්මාණ සිදු කිරීම විශේෂත්වයකි. එය තවත් හැඩ කිරීම සඳහා පොල්කටුවලින් සෑදූ උපාංග සහ නූල් වර්ග භාවිත කරයි. මීට පෙර ද ඔහු විවිධ නිර්මාණ සිදු කොට ඇත.
කුඩා කල සිටම විවිධ නිර්මාණ කටයුතු සඳහා ඇල්මක් දැක්වූ තමන් විවේකයක් ලැබෙන අවස්ථාවලදී විවිධ නිර්මාණ කටයුතු සිදු කරන බව මාධ්‍යවේදී ටයිටස් තිසේරා සන්දනායක මහතා පවසයි. මෙය ඒකාකාරී කාර්යබහුල ජීවිතයට යම් හෝ මානසික සුවයක් ලැබීමට අවස්ථාවක් බවත්, ඉවතලන ද්‍රව්‍ය, බෝතල් වැනි විවිධ දේ නැවත භාවිත කිරීම තුළින් සමාජයට යම් පණිවිඩයක් දීම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
වාද්දුව ජනක