ලෝක බැංකුව මගින් අරමුදල් සපයන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරී කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ දේශගුණික සුහුරුවාරී කෘෂිකර්ම භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 40 ක වියදමින් ඉදි කරණු ගොවිපොළ ක්ෂ්‍රේත්‍ර පාසල කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තිරප්පනය වගයාකුළම ගම්මනායේදී විවෘත විය.එම උත්සවය අමතමින් අමාත්‍යයවරයා මේ බව පැවසීය.
දේශගුණික විපර්යාස අවම කිරීම, අනුවර්ධනය වීම සහ ආහාර සුරක්ෂිතතාවය (භෝග ඵලදායිතාව) සඳහා වන අභියෝග වලට මුහුණ දීම සඳහා ගොවීන් පුහුණු කිරීමට සහ සුහුරු කෘෂිකර්ම භාවිතයන් පිළිබඳ අත්දැකීම් ලබා දීමට මෙම ගොවිපොළ ක්ෂ්‍රේත්‍ර පාසල භාවිතා කෙරේ.
පුහුණුව සඳහා සෑම කණ්ඩායමක්ම නායක ගොවීන් සහ සහායක සංවිධානවල තාක්ෂණික නිළධාරීන් ඇතුළුව සහභාගීවන්නන් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.දේශගුණික සුහුරු වාරී කෘෂිකර්ම ව්‍යාපෘතිය ව්‍යාපෘති කාළ සීමාවේ ගොවීන් සහ තාක්ෂණික නිළධාරීන් සඳහා පුහුණු සැසි 74 ක් ක්‍රියාත්මක කිරීමට සහ දේශගුණික සුහුරු කෘෂිකර්ම තාක්ෂණය සහ භාවිතය පිළිබඳව සහභාගී වන්නන් 1850 කගේ හැකියාවන් ගොඩනැගීමට සැලසුම් කර ඇත.
දේශගුණික සුහුරු කෘෂිකර්ම පාසලේ වාස්තු විද්‍යාත්මක සැලසුමේ වගකීම මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය ආචර්ය මිලින්ද පතිරාජ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නොමිලේ සේවය සපයා ඇත.ඔහුගේ සේවය අගයමින් සම්මානයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.
එම උත්සවය ඇමතූ අමාත්‍යය මහින්ද අමරවීර මහතා,
මේ රටේම ඉන්න ගොවි ජනතාවට වරින් වර දැනුම ලබා ගන්නත් ඒ වගේම කෘෂි ක්ෂ්‍රේත්‍රයේ අධ්‍යාපනය ලබන අයට ඒ දැනුම ලබා ගන්නත් මේ ස්ථානය වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා.
පහුගිය කාලය තරුණයෝ කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් ගැන, ඒ වගේම රටේ මතයක් තියෙනවා අපේ රට බංකොලොත් වෙලා රටේ නෙමෙයි ලෝකයම දන්න දේ තමයි අපේ රට අද බංකොළොත් වෙලා තියෙන්නේ. අපි අමාරු වේ වැටිලා ඉන්නේ, මේ අමාරුවට වග කියන කට්ටිය ඕන තරම් නම් කරගන්න පුළුවන්.මේකට කියනවා පාර්ලිමේන්තුවේ 225 ම වගකියන්න ඕන කියලා, නිලධාරී මේ හැමෝම හැම පුරවැසියෙක්ම යම් යම් කොටස්වලට මේකට වගකියන්න ඕන , දේශපාලඥයා වැඩි වගකීමක් දරන්න ඕනෙ. ඒ ගොල්ලනේ ප්‍රථිපත්තිමය තීන්දු ගන්නා කණ්ඩායම.
අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ වගේම හැමෝටම අපේ රටේ පුරවැසියාත් යම් ප්‍රමාණයක වගකීමක් දරන්න ඕන, අපි කොච්චර රට වෙනුවෙන් වැඩ කරලා තියෙනවාද ? අපේ යුතුකම් ඉෂ්ඨ කරලා තියෙනවාද ? කියලා බලන්න.හැබැයි මේවා බල -බල කතා කරගෙන රණ්ඩු වෙලා ඉදලා වැඩක් නෑ. රටම ගිනි අරගෙන වගේ තියෙන්නේ,රට ගිනි අරගෙන තියෙන වෙලාවේ පළවෙනියට ගින්න තිබ්බේ කවුද? නැත්නම් මොකක්ද ඒකෙ මූල බීජය මේවා කතා කර කර ඉන්න නෙවෙයි දැන් වෙලා තියෙන්නේ, පළවෙනියටම මේ ගින්න නිවන්න ඕන.නිවලා තමයි ඊළඟ ටික සොයා බලන්න ඕන .දැන් මේ ගින්න ඇතිවෙලා තියෙන්නේ. එහෙම නම් අපි මේ ගින්න නිවන්න අද පාර්ලිමේන්තුවේ කණ්ඩායම මැදිහත්ව කටයුතු කරනවද කියලා බලන්න.ඒකට, ආණ්ඩු පක්ෂද? විරුද්ධ පක්ෂය ද ? එහෙමය බෙදි බෙදී, දැන් ඊළඟ බලය ගන්න එක නෙමේ.
බලය තියෙන අය බලනවා බලය රැක ගන්නේ කොහොමද? කියලා, බලය නැති අය බලනවා. කොහොමද බලය ගන්නේ කියලා, කොහොමද ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ කියලා, විරුද්ධ පක්ෂයේ ඉන්න අය කැමති ඇති පායනවා නම් .කුඹුරු ටික වගා කරගන්න බැරි වුණොත්.මිනිස්සුන්ට කන්න බොන්න නැති වුණොත්, ඒ ගොල්ල කැමතියි පාරට බැහැලා විරෝධතා පවත්වලා ඊළඟට ඒගොල්ලන්ට බලය ලබා ගන්න පුළුවන් වෙයි කියලා . ඒ ගොල්ලන්ගේ එහෙම බලාපොරොත්තුවක් ඇති, ආණ්ඩුවේ අපේ බලාපොරොත්තුව තමයි අපේ.මේ හැම පැත්තෙන්ම සාර්ථක වෙලා, ජන ජීවිතය සාර්ථක වෙලා මිනිස්සු හොඳ තැනකට ගේන එක.ඒ නිසා අපි මේ දෙපැත්තට ඇදිලා යන්න ගියොත් රට විනාශ වෙන එක වළක්වාගන්න අමාරුයි. අපි මෙච්චර කල් කරපු ක්‍රමවේද සියල්ල අනිත් පැත්තට හරවා ගන්න සිද්ධ වෙනවා.
අපේ කණ්ඩායමට හරි ලේසියට විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ඕන තරම් කාරණා තියෙනවා, රූපවාහිනියට ගිහිල්ලා විවාද පවත්වන්න, අඩුපාඩු පෙන්නන්න, වෙච්ච වැරදි පෙන්නන්න අනිත් අය විවේචනය කරන්න හරි ලේසියට පුලුවන්, අපිට ඒක බොහෝම හොඳට පුළුවන් විරුද්ධ පක්ෂ කටයුත්ත ආණ්ඩුවේ ඉඳගෙන කතා කරනවාට වැඩිය අඩු පාඩු කියන එකනේ තියෙන්නේ,හැබැයි ඒකෙන් වැඩක් වෙනවාද? .එහෙම අපි අඩුපාඩු පෙන්න පෙන්න විවේචනය කර කර ගියාට වැඩක් වෙන්නේ නැහැ.ඒ නිසා අද අවශ්‍ය වෙන්නේ විවේචනයට වැඩිය මේ මිනිස්සු අද අන්ත අසරණ තත්වයට පත්වෙලා තියෙන්නේ .මේ හැම ගෙදරක ගිහිල්ලා බැලුවත් අපි දන්නවා ජීවත් වෙන්නේ අමාරුවෙන්,මේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා අද බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. එහෙම නම් අපි ආපහු මුල ඉඳලා හිතලා අපි ඉස්සරහට යා යුතුයි.අපි ඉස්සරහට යන්න නම් දේශපාලන වශයෙන් උඩ ඉන්න මේ 225 අඩු ගානේ මාස හායක් නැත්නම් මාස අටක් – නවයක්, .මේ දැන් යන වැඩ පිළිවෙලට සහයෝගය දීලා රට හරි මඟට ගන්න උදව් උපකාර කිරීම අවශ්‍යය වෙනවා.එතකොට තමයි රටේ ජනතාව පිළිගන්නේ මේ අය රට වෙනුවෙන් කැප වෙනවා කියලා.
දැන් ඉන්න ජනාධිපතිවරාට බලයක් නෑ, ජනමතයක් නෑ කියලා කාට හරි කියන්න පුලුවන්,හැබැයි ජන මතයක් තියෙන කවුරු හරි ඉන්නවාද? ජනමතයක් බලන්න වෙන්නේ ඡන්දයක් එන වෙලාවට, පාර්ලිමේන්තුව තුළ බැලුවත් එහෙම පේනන නෑ.මේ ජනාධිපතිවරයා පත් වෙන වෙලාවේදී, හිටපු ජනාධිපතිවරයා පළමුවැනියටම අගමැති ධූරය සඳහා ආරාධනා කරලා හැමෝටම.හැම පක්ෂ නායකයාටම ආරාධනයක් කළා ඒ විතරක් නෙමේ අපි කණ්ඩායමක් විදියට පක්ෂ නායකයන් සියලු දෙනා සමඟ සාකච්ජා කළා.සජිත් ප්‍රේමදාස මහත්තයා, අනුර කුමාර දිසානායක මහත්තයා, හකීම් මහත්තයා, ඩග්ලස් දේවානන්ද , සුමන්තිරන් ලගේ ටී.එන්.ඒ කණ්ඩායම, අතාවුල්ලා මැතිතුමාගේ කණ්ඩායම, රිෂාඩ් ඇමතිතුමා ඇතුළු ඔක්කමෙ මුණගැහිලා කිව්වා මේ වෙලාවේ කවුරුත් එකතුවෙලා මේක භාරගෙන වැඩේ කරගෙන යන්න කියලා.
සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේ පක්ෂ ලේකම් තුමා කිව්වා එන්න කියලා බාරගන්න එතුමාට සහයෝගයත් දෙනවා කියලා පරණ හිතවත්කම් එක්ක..එහෙම කියලත් බාර ගත්තෙ නෑ. එදා උදෙත් බෑ කිව්වා, අපි කතා කළ පක්ෂ නායක රැස්වීමේදී උදෙත් බෑ කිව්වා.අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ඉදිරිපත් වුණා නිමල් සිරිපාල ඇමතිතුමා, නමුත් ඒ නම ගෙනිහින් දෙන්න අපේ පක්ෂයට පුළුවන්කමක් තිබුනේ නෑ,හරි එක නමකට එන්න බෑ, නම් දෙකක් ගත්තා, අපේ පක්ෂ නායකතුමාට භාර දුන්නා ඒක කොහේ ගියාද කියලා දන්නෙත් නෑ. ඒක වුණෙත් නෑ.ඊට පස්සේ කවුරුවත් නැති වෙලාවෙ රනිල් වික්‍රමසිංහ මහත්තය මේක භාර ගත්තා.එයා තනි කෙනා, එහෙම බලයක් තිබුණේ නැහැ . හැබැයි කවුරුවත් නැති වෙලා මේ මේකට කර ගැහුවනේ,
ඇයි භාර ගත්තේ නැත්තේ කවුරුවත්,බලයට අකමැති නිසා නෙවෙයි අගමැතිකම් ජනාධිපතිකම් කරන්න අකමැත්තක් නිසා නෙමෙයි, ඔක්කොම දන්නවා කරන්න බෑ කියලා, ඇයි තෙල් පෝලිමේ මැරෙනවා මිනිස්සු, දවස් හත-අට ඒවායේ ඉඳලා මිනිස්සු මැරුණා, කීදෙනෙක් මැරුණද තෙල් පෝලිමේ ඉඳලා? ගෑස් පෝලිමේ ඉඳල මිනිස්සු මැරෙනවා.සති ගණන් හිටියා ගෑස් ටිකක් ගන්න.විදුලිය කපන වෙලාව නෙවෙයි. මිනිස්සු හෙව්වේ තියෙන වෙලා කොච්චරද කියලා. පැය 13 -14 ලයිට් කපනවා, ඉස්පිරිතාල වල බෙහෙත් නැතිව ලෙඩ්ඩු මැරෙනවා, මිනිස්සුන්ට කන්න බොන්න නෑ ,රාජ්‍යය පාලනය ගිලිහිලා තිබුණේ,ඒ වෙලාවේ කවුරුත් භාර ගත්තේ නෑ,භාරගත්තේ නැත්තේ භයට. හැබැයි මේ මනුස්සයා තනි පොළ යකා වගේ මේක භාරගත්තා
භාරගත්ත මනුස්සයාගෙන් දැන් මේක ආයේ කඩාකප්පල් කරන්න හදලා.ආයේ කඩා වට්ටලා මොකක්ද කරන්න පුළුවන් මෙකට.එයා භාරගත්තා නම් අභියෝගයක්. අපි ඒ අභියෝගය භාරගෙන කටයුතු කරනකොට අපි එයාගේ බලය නැත්නම්, ජනවරම ඒවා මේවා කතා කර කර ඉන්නේ නැතුව මේ ටික කාලෙකට සහයෝගය දෙන්න ඕන එතුමාට.තනි මනුස්සයානේ ආවේ පාර්ලිමේන්තුවටත් ඉතින් හොඳයිනේ. පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න කණ්ඩායමකුත් නෑනේ. උදව් කරනකොට, මේ කණ්ඩායමට, මේ කණ්ඩායමට නෙමෙයි, එතකොට පොදුවේ කරන්න පුළුවන් කෙනෙක්. පරණ අත්දැකීම් තියෙනවා එතුමාට, විපක්ෂ නායක විදියට වැඩි කාලයක් හිටියා අගමැතිකම් කරා, පළවැනියට ජනාධිපති වුණා.
බලන්න දෙන්න තිබුණා මාස හයක් අඩුගානේ, ගත්ත දවසේ ඉඳලා අනිත් පැත්තට, විරුද්ධ වුණා.ගත්තු දවසේ ඉඳන් කොහොමද එලවන්නේ?කොහොමද වට්ටන්නේ,එක සුමානයක් සහයෝගය දුන්නේ නැහැනේ, ඔය විරුද්ධ පක්ෂයේ ඉන්න හැමෝම. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත්, අපේ කණ්ඩායමට ඇරුනම අනෙක් ඉන්න දෙතුන් දෙනා බැලුවෙම කකුල් මාට්ටු දාන්න, කකුල් මාට්ටු දාලා වට්ටලා රට වට්ටලා කොහොමද යන්නේ? . හැබැයි කාටවත් එහෙම බලයක් ගන්න පුළුවන් හැකියාවක් නෑ. අද ඕන ගමක ගිහිල්ල බැලුවම ඔය කිසිම පක්ෂයකට එහෙම ජනමතයක් නෑ, මේ පක්ෂය තමයි ඊළඟ දිනන්නේ කියලා එහෙම කියන්න බෑ.
වෙනදා තිබුණු සටන තිබුණේ, ආණ්ඩුව ඉන්නවා ආණ්ඩුව හොඳට වැඩ කලොත් ආණ්ඩුවට තව වතාවක් දෙනවා, එහෙම නැත්නම් විරුද්ධ පක්ෂයට දෙනවා, අද එහෙම එකක් නෑ.අද විරුද්ධ පක්ෂය කියලා එකක් හොයා ගන්න නෑ, විරුද්ධ පක්ෂ ගණනාවක් තියෙනවා සජිත් ප්‍රේමදාසගේ විරුද්ධ පක්ෂය, අනුර කුමාරගේ විරුද්ධ පක්ෂය, ඩලස්ගේ විරුද්ධ පක්ෂය, විමල්ගේ විරුද්ධ පක්ෂය,අපේ මෛත්‍රීපාල මහත්තයාගේ විරුද්ධ පක්ෂය දැන් විරුද්ධ පක්ෂ ගණනාවක්, මොන විරුද්ධ පක්ෂයද කියලා හොයා ගන්න බෑ, ආණ්ඩුව හොයාගත්තත් විරුද්ධ පක්ෂය හොයා ගන්න බෑ. එවන් වෙලාවක තමයි මේ අද රට තියෙන්නේ.අපි දැන් හරි කියන්නේ මේ බලය ගන්න බලාගෙන ඉන්නවා නම් මේ රට වට්ටලා බලය ගන්නේ නැතිව රට ඉස්සරහට යන හොඳ දේවල් වලට උදව් කරන්න.එළියේදී නම් කියනවා අපි හොඳ දේට උදව් කරනවා කියලා, හැබැයි සත පහක උදව්වක් හොඳ දේකටවත් ලැබෙන්නේ නෑ,ප්‍රකාශ විතරයි හොඳ දේකට සහයක් විරුද්ධ පක්ෂයෙන් නෑ,
අපි රට ගැන හිතලා, අපේ ගොවි ජනතාව අද අන්ත අසරණ තත්වයේ ඉන්නේ, ගොවියා පාරේ හිටියේ, මේ ජනාධිපතිතුමා එන කොට, මම කෘෂිකර්ම ඇමති වෙනකොට ගොවියා හිටියේ පාරේ විරෝධතා වල, ඒ මිනිස්සු හිටියේ ගොවි බිමේ නෙමෙයි, පොහොර ටික නැතිව ,අවශ්‍යය දේවල් නැතිව හිටියේ, අද මේ වන කොට ගොවියාට අවශ්‍ය සියලුම යූරියා ප්‍රමාණය දෙනවා, හෙක්ටයාරයට අඩු ගොවියාට යූරියා හොන්ඩරයක් නොමිලෙත් දෙනවා.කාබනික පොහොර ගන්න තව රුපියල් විසි විසිදහස දෙනවා,ඒ වගේ සහන ගණනාවක් දෙනවා.ඒ වගේම ඉදිරියේදී ඉන්ධන සහනයකුත් දෙනවා ගොයම් කපන වෙලාවට.ඒ වගේම එන කන්නයේ ටී එස් පී ටික නොමිලේ දීලා වැඩ පටන් ගන්න ලෑස්ති කරනවා.
මේ වගේ ගොවියා වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් පනස් දාහකට වැඩි ප්‍රමාණයක් දැනටම දීලා තියෙනවා, තව දෙන දේවල් ඉස්සරහටත් තියෙනවා. මේ වගේ පොහොර ටික දීගන යන කොට එක කට්ටියක් පොහොර කිරලා බර අඩුයි කියනවා. මේ රාජ්‍යය නිලධාරියෙකුත් සම්බන්ධ වෙලා, ගණන් හදනවා.පොහොර මිටියෙන් කිලෝ එකයි, කිලෝ මෙච්චරයි, කෝටි මෙච්චරයි, ගහගෙන ඔක්කොම කියලා කියනවා.මිටි 14 ක් තිබිලා උසාවියට ගෙනිහින් කිරුවා, මේක අධිකරණ ක්‍රියාවලියක් නිසා සම්පූර්ණ විස්තරය කියන එක සාධාරණ නෑ, පට්ටපල් බොරු කියලා තියෙන්නේ.රාජ්‍යය නිළධාරියකුත් පාරිභෝගික අධිකාරියේ සම්බන්ධ වෙලා තියෙනවා.
මං හිතන්නේ පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමා එකට කටයුතු කළ යුතු වෙනවා.ඒ ඇමතිතුමා ඒ පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා. මේ යම් යම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා.පොහොර ටික බෙදා ගෙන යන කොට ඒ නිව්ස් එක නෙමෙයි ඕන, පොහොර අඩුයි, හොරකම් කරලා කියලා නිවුස් එකක් ඉස්සරහට ගෙන ආවා.ඒකට දේශපාලඥයොත් ගොවි සංවිධාන වල සමහර අයත් කථා කරන්න ගත්තා. හැබැයි මේ රට අපේ මිනිස්සු ගොවි ජනතාව දන්නවා. අපි මොනවද කළේ කියලා.
රට තුළ බරපතල අලි ප්‍රශ්නයක් තියෙනවා, ඒකට අලි විසඳුමක්ම හොයන්න ඕන,ඒකට අපි දැන් අවශ්‍යය කමිටු හදලා සියල්ල කරලා තියෙනවා, දැන් ක්‍රියාත්මක කරවීම තියෙන්නේ, ලබන වසරේ මුළ සිට එය ආරම්භ කරනවා, අවුරුදු 1 ½ ක් 2 ක් යන කොට අලි මිනිස් ගැටුම 50% කින්වත් අඩු කර ගන්න පුලුවන් වෙයි.අලි වැටේ ඉඳන් වෙනස් කරලා, අලින්ගේ ගමන් මාර්ග විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අනෙක් සතුන්ගෙන් සිදු වන හානිත් තියෙනවා, ඌරා, ඉත්තෑවා දඩු ලේණා, මොණරා , රිලවා, වඳුරා මේ ඔක්කොගෙන්ම වෙන හානිය විශාලයි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතලින් හතරදාහක් පළවැනි මාස 06 ට මේ අවුරුද්දේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයෙන් තොරතුරු අරන් තියෙනවා, පොල්ගෙඩි විතරක් මිලියන 93 ක් මාස 06 කට හානි කරලා තියෙනවා.හිතාගන්න පුලුවන්නේ මහා හානියක් සිදු වෙනවා.මේ සඳහා අවසන් වාර්ථාවක් ඇවිත් තියෙනවා.ඒක ක්‍රියාත්මක කරන්නත් කලින් අර සත්ත්ව ලෝලීන් සමඟත් සාකච්ජා කළා, අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න කලින් ඒ අයගේ යෝජනාත් දෙන්න කියලා ඉල්ලුවා.ඒ අයට මාසයක් වගේ කාළය දීලා තියෙනවා.ඊට පස්සේ අපි සත්ත්ව හානිය අවම කරන්න පටන් ගන්නවා.අවුරුදු 1 ½ ක් 2 ක් යන කොට සතුන්ගෙන් වෙන හානිය අවම කරනවා.ඒක හොඳ ක්‍රමයකින් වෙන්න පුලුවන්, නරක ක්‍රමයකින් වෙන්න පුලුවන් මොන ක්‍රමයකින් හරි පාලනය කරලා ගොවියා ආරක්ෂා කරන්න ඕන.සතුන්ටත් කන්න දෙන්න ඕන තමයි හැබැයි ඊට ඉස්සරලා අපේ ජනතාව කන්න ඕන,මන්ද පෝෂණයෙන් ඉන්න අපේ දරුවන්ට කන්න නොදී වදුරට, රිලවාට, මොණරාට කන්න දීලා අපිට ඉන්න පුලුවන්කමක් නෑ යැයි පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන්, ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
තිසර සමල් – අනුරාධපුර