Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රදේශ රැසකට තද සුළං – මැන්ඩවුස් සුළි කුණාටුව චණ්ඩ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති බවද සඳහන්ය.

බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද (10) අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් අද දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40පමණ තද සුළං බලාපොරොත්තු වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේය.

Scroll to Top