Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුළි කුණටුවක් – බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් හා සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිතදිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 8 වැනිදා වන විට තමිල්ණාඩු වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම පද්ධතියේ බලපෑමෙන් දෙසැම්බර් 07 සහ 08 යන දිනවලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

අද දිනයේදී නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දන්වා ඇත.

Scroll to Top