Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමත් කැඳවනු ලැබූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන විසිනුයි එම දැනුම්දීම සිදු කර ඇත්තේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහි දී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවකින් උපදෙස් ලබා ගන්නා බවයි.

නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට සමගාමීව ක්‍රීඩා පනත හා ඊට අදාළ ක්‍රීඩා රෙගුලාසි ද සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා දන්වා අභියාචනාධිකරණයට දන්වා සිටියා.

Scroll to Top