මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායේ කුයින්ස්බෙරි කොටසේ 32 හැවිරදි මවක් දාව උපන් තුන් නිවුන් සිගිත්තියන් පෝෂණය කිරිම සදහා පළමු අදිරය යටතේ රු ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් ලබා දිමට යාපනයේ පදිංචි සමාජ සේවකයෙකු (23) දින කටයුතු කර ඇත.
යාපනය ප්‍රදේශයේ පදිංචි ටි.සි.ටි පදනමේ (Thiyahei Charitable Trust) සභාපති වාමදේවන් ත්යාගෙන්ද්රන් මහතා එම මුදල ඔහුගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදි එම්.ටි.එම්.ෆරිස් මහතා විසින් (23) දින මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායේ පිහිටි නිවසට පැමිණ එම සිගිත්තියන්ගේ සුවදුක් විමසා බලා එම මුදල පරිත්‍යාග කෙරිණ.
සිගිත්තියන් පෝෂණය කිරිම සදහා පරිත්‍යාගයන් සිදු කරන ලෙස එම සිගිත්තියන්ගේ දෙමව්පියන් විසින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් කල ඉල්ලිමක් අනුව සමාජ සේවක වාමදේවන් ත්යාගෙන්ද්රන් මහතා විසින් එම සිගිත්තියන් තිදෙනාගේ දෙමව්පියන්ට රු ලක්ෂයක පරිත්‍යාගයක් පළමු අදිරය යටතේ ලබාදිමටත් , මාසිකව වසර කිහිපයක් යනතෙක් මුදලක් ලබාදිමටද පොරොන්දු විය.
සිගිත්තියන්ගේ පියා වන තිරුමන් ක්රිෂ්ණ කුමාර් (40) එම වතු යායේ වතු කම්කරුවෙකු වශයෙන් සේවය කරන අතර , සිගිත්තයන්ගේ මව රත්නපාක්යන් ලෙච්චුමි (38) යන අයයි.
තම බිරිද ගැබිණියක්ව සිටියදි දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු සදහා ගිය අවස්තාවේ තම බිරිදට දරුවන් තිදෙනෙකු ලැබිමට සිටින බව ස්කෑන් පරික්ෂාවේදි තහවුරු වු බවත්, එම දරුවන්ගේ වර්ධනය අඩු නිසා බිරිදව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරිමෙන් පසු කුසේ සිටි දරුවන් තිදෙනා වර්ධනය වන තෙක් මාස තුනක කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු බවයි තිරුමන් ක්රිෂ්ණ කුමාර් කියා සිටියේ.
මේ මස (01) දින නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමකින් සිගිත්තියන් තිදෙනා ලබාගත් බවත්, ඉන් පළමු සිගිත්තිය ක්රිෂ්ණරුබනි උදැසන 11.39 ට , දෙවන සිගිත්තිය ක්‍රිෂ්ණන් ක්‍රිෂාණි උදැසන 11.40 ට , තුන්වන සිගිත්තිය ක්‍රිෂ්ණන් ලොෂනි උදැසන 11.41 ට මෙලොවට බිහි කල බවයි තිරුමන් ක්රිෂ්ණ කුමාර් කියා සිටියේ.
දැනට දින 18 පමණ වයසැති සිගිත්තියන් තිදෙනාට මව් කිරි පමණක් ලබාදෙන බවත්, තමන්ට පාසල් වයසේ පසුවන අවු 10 සහ අවු 8 පුතුන් දෙදෙනෙකුද සිටින බවත්, තම මවද රැකබලා ගැනිමට තමන්ට සිදු වි ඇති නිසා එම සියළු දෙනා ජිවත් කරවිමට තමන් ලබා ගන්නා වැටුප ප්‍රමාණවත් නොවන බවයි තිරුමන් ක්රිෂ්ණ කුමාර් කියා සිටියේ.
තවද අලුත උපන් සිගිත්තියන් තිදෙනාට මව් කිරි පමණක් දැනට ලබාදෙන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබා දුන්නද තම බිරිදට අවශ්‍ය ගුණාත්මක ආහාර පාන සහ පෝෂ පදාර්ථ ලබාදිමට තමන්ට අදායම් තත්ත්වයක් නොමැති බවයි තිරුමන් ක්රිෂ්ණ කුමාර් කියා සිටියේ.
තම නිවසට යාබදව පිහිටි අසල්වාසින්ට හැකි අයුරින් තම පවුල රැකබලා ගැනිමට උපකාර කරන බවත්, තම නිවසේ එකම පවුලේ තිදෙනෙකු ජිවත් වන බවත්, එම සියළු දෙනාම වෙන් වෙන් වශයෙන් එම නිවසේ පදිංචිව සිටින බවයි එම සිගිත්තියන්ගේ මව බව රත්නපාක්යන් ලෙච්චුමි කියා සිටියේ.
තේ වත්තේ වැඩ කර තමන්ට ලැබෙන ඉතා සොච්චම් වැටුපෙන් තම පවුලේ සමාජිකයන් 07 සහ තම මවට ජිවත් විමට ප්‍රමාණවත් අදායම් තත්ත්වයක් නොමැති නිසා අලුත උපන් සිගිත්තියන් තිදෙනා පෝෂණ තත්ත්වයෙන් ඉහල දමා තම දරු පවුල් රැක බලා ගැනිමට දායක වන ලෙස තිරුමන් ක්රිෂ්ණ කුමාර් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියි.
අලුත් උපන් සිගිත්තියන් තිදෙනා අඩු බරකින් සිටින නිසා එම දරුවන් තිදෙනා හොදින් රැක බලා ගන්නා ලෙස තමන්ට වෛද්‍යවරුන් උපදෙස් ලබාදුන් බවට පැවසු තිරුමන් ක්රිෂ්ණ කුමාර් වැඩිදුරටත් කියා සිටියේ මාසිකව තම දරු පවුල නඩත්තු කිරිමට හැකි අයුරින් උපකාර කරන ලෙසයි.
තිරුමන් ක්රිෂ්ණ කුමාර්
රංජිත්