බගවන්තලාව මහඑලිය ශ්රි පාද රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු (23) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් වන අඩවි කාර්යාලයේ අඩවි වන නිලධාරි වි.ජි.කේ.රුක්ෂාන් මහතා පැවසිය.
එම රක්ෂිතය තුල විශාල පරිසර හානියක් සිදු කරමින් බලංගොඩ , බගවන්තලාව , රත්නපුර , නොර්වුඩ් සහ හැටන් යන ප්රදේශවලින් පැමිණි මැණික් ජාවාරම්කරුවන් පිරිසක් රක්ෂිතයේ පරිසරය විනාශ කරමින් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් පස් දෙනෙකු සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද තම භාරයට ගත් බවයි අඩවි වන නිලධාරිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව සහ බලංගොඩ ප්රදේශවල පදිංචිකරුවන් බවත් , සැකකරුවන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වි.ජි.කේ.රුක්ෂාන් මහතා පැවසිය.
මේ අතර එම රක්ෂිතය තුල අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු බලංගොඩ බෙලිහුල්ඔය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් (22) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන්ද බලංගොඩ , බගවන්තලාව , රත්නපුර , නොර්වුඩ් සහ හැටන් යන ප්රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් බලංගොඩ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වනජිවි නිලධාරින් පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මුලාශ විනාශ කරමින් එම රක්ෂිතය තුල මැණික් ගැරිමේ ජාවාරම සිදු කර ඇති බවයි වැටලිම් සිදු කල නිලධාරින් කියා සිටියේ.
රංජිත්