Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නුවරඑලිය ඩිපොවේ සේවකයින් ධාවන කටයුතු වලින් ඉවත් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය ලංගම ඩිපොවේ සේවකයින් විසින් (21) දින පස්වරුවේ සිට ධාවන කටයුතු වලින් ඉවත් විම නිසා පාසල් ළමුන් ඇතුළු මගින් විශාල පිරිසක් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොල වෙත දුර ගමන් සේවා ලංගම බස් රථ ඇතුලත් කිරිමට නුවරඑලිය බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන් සහ පෞද්ගලික බස් රථ හිමියන් විසින් ඉඩ ලබා නොදිම හේතුවෙන් එයට විරෝධය පාමින් ලංගම බස් රථ සේවකයින් (21) දින පස්වරුවේ සිට ධාවන කටයුතු වලින් ඉවත් වි ඇත.

කතරගම , ගම්පොල , බණ්ඩාරවෙල , හොරණ , කළුතර ,මහනුවර දකුණ යන ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ගණනාවක් නුවරඑලිය නගරය හරහා ධාවනය කරන අතර, එම බස් රථ සහ වැලිමඩ කොළඹ , කතරගම බදුල්ල හරහා මහනුවර යන බස් රථද බස් නැවතුම්පොල වෙල ඇතුලත් කිරිමට නුවරඑලිය බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන් සහ පෞද්ගලික බස් රථ හිමියන් ඉඩ ලබා නොදිම හේතුවෙන් එම බස් රථ බස් නැවතුම්පොලේ සිට කිලෝමිටර් ½ පමණ දුරින් නතර කිරිම නිසා එම ලංගම බස් රථ වලින් ගමන් ගන්නා මගින් සහ එම බස් රථවලින් ගමන් යාමට රැදි සිටින මගින් නුවරඑලිය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දැඩි අසිරුතාවයට පත් වි ඇත.

පවත්නා තත්ත්වය මත දුර සේවා ලංගම බස් රථ බස් නැවතුම්පොලේ සිට කිලෝමිටර් ½ ක් දුරින් නතර කිරිම නිසා තම ගමන් මළු දැඩි පරිශ්‍රමයක් දරා බස් රථ වලට රැගෙන යාමට සිදු වි ඇති බවයි මගින් කියා සිටින්නේ.
නුවරඑලිය බස් නැවතුම්පොලට වෙනත් ඩිපෝ වල ලංගම දුර ගමන් සේවා බස් රථ බස් නැවතුම්පොලට ඇතුලත් කිරිමට ඉඩ ලබා නොදිම සම්බන්ධයෙන් අප නුවරඑලිය පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති රම්‍ය සුදත් දඩල්ලගේ මහතාගේ කල විමසුමකට ඔහු කියා සිටියේ නුවරඑලිය බස් නැවතුම්පොලේ සිට සැම විනාඩි 30 කට වරක්ම තම බස් නැවතුම්පොල සිට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් දුර සහ කෙටිදුර ධාවනයට එක් කර ඇති බවත්, එවැනි බස් සේවාවක් තිබියදි වෙනත් ඩිපෝ වල බස් රථ බස් නැවතුම්පොලට ඇතුලත් කිරිම හේතුවෙන් නුවරඑලිය බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන බස් රථ අදායම් තත්ත්වය අඩු වන බවයි.
මගි ජනතාව කියා සිටින්නේ තම ගමන් බිමන් කඩිනමින් යාමට අවශ්‍ය බවත්, නුවරඑලිය බස් නැවතුම්පොල බස් රථ විශාල සංඛ්‍යාවක් ගාල් කිරිමට ඉඩ පහසුකම් තිබියදි වෙනත් ලංගම ඩිපෝ වල බස් රථ බස් නැවතුම්පොලට ඇතුලත් කිරිමට ඉඩ ලබා නොදිම අසාධාරණ ක්‍රියාවක් බවයි.

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් විසින් ආරම්භ කර ඇති වර්ජනයට සහයෝගය දක්වා හැටන් , කොත්මලේ , කැප්පට්පොල , බණ්ඩාරවෙල සහ බදුල්ල යන ලංගම ඩිපෝවල බස් රථ නුවරඑලිය දක්වා ධාවනය කිරිම තාවකාලිකව නතර කර ඇත.

දෙපාර්ශවයේ ගැටළු සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති අතර, ඒ සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය දෙපාර්ශවය කැදවා සාකච්ඡා කලද එයට මෙතෙක් විසදුමක් ලැබි නොමැත.

හැටන් රංජිත් රාජපක්ෂ

Scroll to Top