රට ආර්ථික වශයෙන් කඩා වැටිමට වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනා වගකිය යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
රට ආර්ථික වශයෙන් කඩා වැටිමට වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනා වගකිය යුතු බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ පසුගිය දා නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සැඩ පහරට හසු වි කඩාගෙන ගිය ඉගුරුඔය සහ හයිඩ්‍රි පාලම අලුතින් ඉදි කිරිමේ කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රටේ ආර්ථිකය කඩා වැටිමට ප්‍රධාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණද වගකිය යුතු බවයි.
භිෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ රටේ ආර්ථිකය කඩා වැට්ටවිමට කටයුතු කල බවත්, එවන් පක්ෂයකට කිසිසෙත් මේ රට පාලනය කල නොහැකි බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පාලම් 09 ක් කැඩි විනාශ වි ගිය බවත්, එම පාලම් 09 අලුතින් ඉදි කිරිම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට බිලියන 23 ක ඇස්තුමේන්තු මුදලින් මිලියන 150 ක ප්‍රතිපාදන ලබා දි එම කැඩි ගිය පාලම් යලිත් අලුතින් ඉදි කිරිමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදුන් බවයි.
මේ රටේ අකාර්යක්ෂම දෙපාර්තුමේන්තුව දුම්රිය දෙපාර්තුමේන්තුව බවත්, දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට එම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ඉඩ ලබා නොදෙන බවයි.
රංජිත්