Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වට්ටන්න මේ හදන්නේ,අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පහසුකම් සපයන්න කියලා යැයි ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා පැවසීය.

අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද වන විට රටේ පවතින බිත්තර මිළ සම්බන්ධයෙන් රටේම කථා බහක් තියෙනවා,ඊට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ සත්ත්ව ආහාර හා බෙහෙත් මිළ සම්බන්ධ ගැටලුව. මේ වෙලාවේ රජයෙන් නියෝග කරලා තියෙනවා, රුපියල් 50 ට වැඩියෙන් බිත්තර අළෙවි කළොත් දඩ ගහනවා, අත්අඩංගුවට ගන්නවා කියලා.මේක දැන් දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නිෂ්පාදකයාට නිෂ්පාදනය සඳහා අවශ්‍යය කරන පහසුකම් හා අමුද්‍රව්‍යය ලබා නොදී බිත්තරයේ මිළ පමණක් අඩු කරන්න සූදානම් වෙනවා.

ඉස්සරහට එන්නේ උත්සව සමය, මේ වෙලාවේ බිත්තර ගොවියා කබලෙන් ලිපට වැටිලා තියෙනවා, ඒ වගේම මේ වන විට 50% දක්වා පහත වැටිලා තියෙනවා බිත්තර නිෂ්පාදනය.විශේෂයෙන්ම මේ රටේ බිත්තර නිෂ්පාදනය වැඩි කරනවා වෙනුවට, බිත්තර නිෂ්පාදකයින් පාගලා දාන්න අඩුව කටයුතු කරනවා.මේ උත්සව සමයේ මේ අයට අවශ්‍යය වෙලා තියෙනවා බිත්තර පිටරටින් ගෙන්වන්න, බඩඉරගු වගා කිරීමට කිසිදු වැඩපිළිවෙලක් නෑ, බිත්තර ඇමති කෙනෙක් ඉන්නවා, කිරි ඇමති කෙනෙක් ඉන්නවා, අපි දැක්කා දෙතුන් වරක් පාර්ලිමේන්තුවේ කථා කරනවා  පක්ෂ ප්‍රවර්ධනය වෙනුවෙන්, කිසිම වෙලාවක අපේ මේ කර්මාන්තකරුවා වෙනුවෙන් කථා කලේ නෑ, ඩී.වී හේරත් පශු සම්පත් ඇමතිවරයා කථා කරන්නේ ඒ ගොල්ලන්ගේ ගැටලු මිසක්, දේශපාලන කාරණා මිසක් මේ කර්මාන්තය ගැන කථා කරන්නේ නෑ. කිරි වලට මිලක්, බිත්තර වලට මිලක් ඒ අය කතා කරන්නේ නෑ,

මේ වන විට බිත්තරයක් අලෙවි කරන්න කියලා තියෙන්නේ රුපියල් 50 ක මිලකට නමුත් රුපියල් 39 ත් 46 ත් අතර මිලක් වැය වෙනවා, බිත්තරයක් නිෂ්පාදනය කරන්න.අද වන විට මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ කර්මාන්තකරුවෝ සෑහෙන ගැටලුවකට මුහුණ දීලා සිටිනවා. සමහර සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ නිවසේ බිත්තර විකුණනවා.නමුත් නිවසේවත් බිත්තරයක් තියා ගන්න බැරි තත්වයට පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු කරනවා. පැස්බරා බිත්තරයක ප්‍රශ්නයක් තියෙන කොට හූණු බිත්තරයක ප්‍රශ්නයක් මතු කරනවා වගේ වැඩක් මේක.අපේ ගොවිපළ හිමියන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා බාවිතා වෙන ඩිමෝ බට්ටා වාහනය රුපියල් 8000 ට තිබුණ ටයර් එකක් රුපියල් 60000 ක් වෙලා තියෙනවා.කෝ මේවාට මිළ පාලනයක්, බිත්තරය මිළ පාලනයක් ගේනවා, ට්‍රැක්ටරයට මිළ පාලනයක් නෑ, රුපියල් 12000 ට තිබුණ වාහන බැටරිය මේ වන විට රුපියල් 65000 ක් වෙනවා.මේ විදිහට සමස්ථ රටේම සියලු දේ වල මිළ විකෘතියක් තියෙනවා. සියලුම ආහාර නිෂ්පාදන, සියලුම කෘෂි නිෂ්පාදන, විතරක් නෙමෙයි, සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ වල කිසිම මිළ පාලනයක් නෑ, මිළ විකෘතියක් තියෙන්නේ. නමුත් ඊට අදාළ බළධාරීන්, නිළධාරීන් මර නින්දේ.

ඒ හරහා මේ රටේ නිෂ්පාදනය කරන බිත්තර හා කුකුල් මස් සහමුලින්ම නැති කරලා ඒ වෙනුවට පිටරටින් ඒවා ගෙනල්ලා කවන්න.එදාට පාරිභෝගිකයොත් කියයි අඩු මිලට ගේන බිත්තර, මස් වටිනවා කියයි.අපේ මේ කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වට්ටන්න මේ හදන්නේ.අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පහසුකම් සපයන්න කියලායි.

අද කිරි ගොවියන්ගේ කිරි ගවයෙක්ට කන්න දෙන්න දෙයක් නෑ, රක්ෂිතයකට ගවයෙක් ගෙන යන්න බෑ, මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා රක්ෂිත වල ඉන්න ගවයෝ ජාතික පශු සම්පත් එකට ගන්නවා කියලා.ඒ ගොවිපළවල් පිටරටට විකුණන්න සූදානම් කර තිබෙන බවට අපිට වාර්ථා වෙනවා.ගොවියන්ට වගා කරන්න, ගවයෝ ගැට ගහන්න බිමක් නෑ, එහෙම වෙලාවක ඔයාමඩුවේ, පරසන්ගස්වැවේ අක්කර දහස් ගණන් පිටරට සමාගම් වලට විකුණන්න සූදානමක් තියෙනවා.මේ වන විට පළමු වතාවට ගොවිබිම් විකුණන වැඩේ පාලකයෝ ආරම්භ කරලා තියෙනවා.රජයේ ගොවිපළවල් අක්කර 5000 සිට 65000 දක්වා විකුණීම ආරම්භ කර තිබෙනවා.අපේ ගොවියෝ පාරට දාන්න මේ සූදානම යැයි පැවසීය.

තිසර සමල්    – අනුරාධපුර

Scroll to Top