Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අයවැයෙන් පහර වදින්නෙ දරුපරපුරට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙවර ඉදිරිපත් කරන අයවැයෙන් වැඩියෙන්ම පහර වැදිලා තියෙන්නේ පාසල් දරුවන්ට බවත් ආණ්ඩුව තවමත් බොරු බේගල් ඇදබාමින් සිටින බවත්  විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර,

මෙවර ඉදිරිපත් කරන අය වැයෙන් වැඩියෙන්ම පහර වැදිලා තියෙන්නේ පාසල් දරුවන්ට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කියලා තියෙනවා සෙස් බද්ද අත්‍යවශ්‍ය භාණ්ඩ වල වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ රුපියල අවප්‍රමාණය වීමත් එක්ක තමයි මේ විදිහට බද්දක් අය කරන්න සිද්ධ වෙන්නෙ කියලා එතකොට ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවේදී කියනවා රුපියල ශක්තිමත් වෙලා කියලා මොකක්ද අපිට විශ්වාස කරන්න වෙන්නේ.

ඒ වගේම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරන හැම වෙලාවෙම පොහොට්ටු මන්ත්‍රිවරුන්ට පින වීමක් සිදු කරනවා එයාගේ බොරුවට සමග ජනබලවේගයේ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු අහුවෙන්නෙ නැහැ හැබැයි පොහොට්ටු මන්ත්‍රී බොරු සතුටු කිරීම සඳහා මයි කතා කරන්නේ රනිල් කොහොමහරි මේක ගොඩ දාවි බදු ප්‍රතිපත්තියත් එක්ක මොනාහරි කරල මේක ගොඩ දායි කියලා කියනවා ඒව පට්ටපල් බොරු ශක්තිමත් වෙමින් පවතිනවා කියලා කියන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා විදියට ඉන්නකොට රුපියල් අල්ලගෙන හිටිය එකත් එක්ක තමයි මෙවැනි කතා කියන්නේ හදිස්සියෙවත් ඩොලරය අතහැරියොත් ඩොලර් $1 රුපියල් 500කට 600 ගැට යන එක නවත්තන්න බැහැ. ඒ වගේම මේ අය වැය පට්ටපල් බොරු ඒ දාලා තියෙන මුදල් වලින් කර්මාන්තපුර හදන්න බැහැ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම කාන්තාවක් ලග දණ ගහන්නෙ නැහැ හැබැයි ඩයනා ළඟ දණ ගැහුවා මේවා දිහා බලන කොට අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මේ වෙලාවේ රට තියෙන තත්ත්වය ඕනම කෙනෙක්ට තේරෙනවා මිනිස්සුන්ට කන්න නැහැ අයවැය යන්න ඕන රටේ සංවර්ධනය ව්‍යාපෘතිය පටන් ගන්නද නැත්නම් කන්න දෙන වැඩපිළිවෙළක් හදන්න ද ඒක තේරුම් ගන්න ඕන

මේ කාරණා එක්කයි අපි එලියට බැස්සේ කියලා කාටත් තේරේවි මර්දනය පිළිබඳව විශේෂයෙන් කියන්න ඕන අපි එලියට බැස්සේ සමගි වනිතා බලවේගයෙන් රනිල් රාජපක්ෂ ගේ ගේ වටලන්න නෙමෙයි ගෙවල් වටලලා ප්‍රශ්න විසඳල සුද්ධ පවිත්‍ර කරලා දීලා තියෙනවා මොකද ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවපු විදිහට නෙමෙයි රනිල් රාජපක්ෂ ගෙදර යවන්නේ මොකද අපි එහෙම බලාපොරොත්තුවකින් එළියට බැස්ස නෙමෙයි මේ මාසය කාන්තා හිංසනය පිටු දැකීමේ මාසය විදියට මුළු ලෝකයම නම් කරලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නම් කරල තියෙන්නේ මාසය නම් කරන්නේ තැඹිලි පාටින් ලොව බබළවමු කාන්තා හිංසනයට විරුද්ධ වෙමු කියන තේමාව යටතේ ගිය අවුරුද්දෙත් අපි මේ විදිහට වැඩසටහන් මාලාවක් කලා මේ අවුරුදු වැඩසටහන් මාලාවක් නොවැම්බර් මාසෙ 25 අවසන් වෙනවා ඒ අනුව අපිට අප අදහසක් අනුව අපි නිදි වීදි නාට්‍යයක් රඟ පාන්න කල්පනා කළේ එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉස්සරහ ඒකට හේතුව අපේ පාලකයන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අපි කටින් කිව්වට තේරෙන් නැත්තං රඟපාලා පෙන්වන්න ඕන අපිට වුවමනා වුණේ ඒ අනුව අපි පොලිසිය විසින් කාන්තාවන්ට පහර දෙන විදිය කුදලගෙන යන විදිය ආකාරය වීදි නාට්‍යයක් කළා එක්සත් ජාතීන්ගේ සංවිධානය කාර්යාලය අසල ඒක අවසන් කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට යනකම්ම පොලීසියෙන් අපිව නවත්තන්න හැදුවා හේතුව පේමන්ට් එකේ අපි ඇවිදගෙන ගියේ එහි කාන්තාවන් කණ්ඩායම් වශයෙන් යන්න බැහැ කියලා මම ඇහුවා මොකක්ද නීතිය එහෙම නීතියක් තියෙනවා කිව්වා අපි කිව්වා එහෙනම් හරි අපි වෙන් වෙන්ව යන්නම් කියලා එහිදී අපි දැක්කත් පොලිස් කණ්ඩායමක් පාර බැරියල් දාලා වහනවා ඇත්තටම පොලිසියේ මේ හිංසනය පිළිබඳව පොලිසිය ඉස්සරහා කරල පෙන්නන්න ඕන නිසා අපි එහි සිදු කරද්දී පාර බ්ලොක් වෙනවා කිව්වා එහිදී අපි ප්‍රශ්න කර සිටියා එහිදී අපේ තරුණ ළමයි දෙන්නෙක් වත් අඩන්ගුවට ගන්නකොට මම දුවගෙන ගිහින් ත්‍රීවිල් එකක නැග්ගා මොකද ඒ ළමයි හැමෝම මගේ කීමට ආවේ හැබැයි අපිව අත්අඩංගුවට ගන්න අයිතියක් නැහැ.

Scroll to Top