පොල් වගා බිම්වල අතුරු බෝගයක් ලෙස, කිරි අල වගා කිරීම දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
පොල් වගා කිරීමේ මණ්ඩලය පැවසුවේ, මේ යටතේ රෝපණය කර වසර 5 ට අඩු පොල් වගා බිම්වල මෙම කිරි අල වගාවන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙම කිරිඅල වගාවන් සඳහා අක්කරයකට රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර සපයන බවත් ,අක්කර 5 ක උපරිමයකට යටත්ව මෙම සහනාධාරය ලබා දෙන බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.