ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම මස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ නල්ලතන්නිය මුල්ගම හන්දියේ නායගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
එම මාර්ගයේ නල්ලතන්නිය මුල්ගම හන්දිය ප්‍රදේශයේ මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්දක් නායයාම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු දැනට මාසයක පමණ කාලයක් එක් මංතිරුවකට සිමා කර තිබුණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ආපදා අවම කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම ආයතනයේ මිලියන 278 ක ප්‍රතිපාදන යටතේ අදිර කිහිපයක් යටතේ එම නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවත්, ශ්‍රි පාද වන්දනා වාරය අරම්භ කරන උදුවප් පොහෝ දිනයට ප්‍රථම එම මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට කිසිදු බාධාවකින් තොරව ධාවනය කිරිමට මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
රංජිත්