Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

T20 ලෝක කුසලානය එංගලන්තයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාකිස්තානුවන්ගේ ලකුණු 137 පහසුවෙන්ම පසුකර ගිය එංගලන්තය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කරමින් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේය.

එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි.

නායක බාබර් අසාම් ලකුණු 32ක් ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාන් මසූඩ් පන්දු 28කින් ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය.

ශඩාබ් ඛාන් ලකුණු 20 ක් ලබා ගත් අතර පකිස්ථාන පිතිකරුවන් 6 දෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වූ අතර සුපිරි පන්දු යැවීමක නිරත වූ සෑම් කරන් කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 32කදීය.

නායක ජෝස් බට්ලර් ලකුණු 26ක් රැස් කළ අතර බෙන් ස්ටෝක්ස් පන්දු 49කින් ලකුණු 52ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.

එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදීය.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ වීරයා සම්මානය එංගලන්තයේ සෑම් කරන්ට හිමිවිය.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග තරගාවලි⁣යේ වැඩිම කඩුලුලාභියා බවට පත්විය.

තරග 8කදී වනිඳු දවාගත් කඩුලු ගණන 15කි.

Scroll to Top